‘කාල පරාස’ වෙනස් කල හැකි කපාට ඇති වාහන සඳහා භාවිතා කරන ලිහිස්සුම් තෙල්.
...Variable valve timing (VVTi, VTEC, VANOS...etc ) යන මේ මොන නමෙන් කීවත් වන්නේ එක හා සමාන දෙයක්. ඇත්තටම, මේ සම්බන්දව විස්තරාත්මක ළිපියක්, මේ ගැන විස්තර ඇතිව සොයා බැලූ කෙනෙක්, ළිපියක් ලියා පිටුවේ පළ කරනවා නම් හොඳයි. මේ වෑල්ව් ක්‍රම ඇති වාහන වලට භාවිතා කරන තෙල් ගැන ඔබ මඳකට හෝ සිතා බලා තියෙනවාද? මේ ළිපියේ, VVTi , VTEC ක්‍රමවල වාහන වලට යොදන තෙල් ගැන සාකච්චා කරමු. (තව එක දෙයක්... ඉහත මාතෘකාවට ගත් ‘සිංහළ වචන’ නම් හරිද කියන්න දන්නේ නැහැ)...
... ඉතින් ඔය VVT ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ හයිඩ්රෝලික් පොම්පයක් වගේ. එවිට ඒ වර්ගයේ වාහන වල හයිඩ්රෝලික් තෙල් භාවිතා කරනවාද? ...නැහැ....!!!...පාවිච්චි කරන්නේ වාහනයේ එන්ජිමට අවශ්‍ය වන ලිහිස්සුම් තෙල්මයි. දැන් අපි මේ තෙල් වර්ග දෙක ගැන මුලින් කතා කරමු. ලිහිස්සුම් තෙල් වලින් වන දෙය අපි දන්නවා. එන්ජිම සිසිල් කරණය, එහි යාන්ත්‍රික කොටස් ගෙවී යාම වැළැක්වීම, සහ සිලින්ඩර-පිශ්ටන් අතර පටලයක් මෙන් තැන්පත්ව අවශ්‍ය සම්පීඩනය ලබා දීම...වැනි දේවල් එයින් විය යුතුයි. ඒ ආකාරයේ තෙල් සහ හයිඩ්රොලික් තෙල් කියන්නේ එකම තෙල් වර්ගයක් නොවේ. හයිඩ්රොලික් තෙල් වලින් මූලිකවම කරන්නේ ‘බලය’ සම්ප්‍රේෂණය කිරීමයි...
... ඔබ සමහරවිට දැකලා ඇති ට්‍රැක්ටරයක හෝ දොබකරයක එන්ජිමේ සිට ට්‍රේලරය හෝ භාරය ඔසවන සිලින්ඩර වෙත එන තෙල් පයිප්ප. එන්ජිමෙන් වැඩ කරන තෙල් පොම්පයකින් ඇති කරන පීඩනය මගින් ට්‍රේලරය ඔසවනු ලබනවා. ඉතින් ඒ හයිඩ්රොලික් තෙල් වල වෙනත් භෞතික සහ රසායනික තත්වයන් තියෙනවා. වැදගත්ම හේතුවක් වන්නේ ‘පෙණ’ නොනැගීමට ඒ තෙල් සමත් වීමත්, අධික පීඩනයන් යටතේ සම්පීඩනය නොවීමත් වෙනවා. ඉහල උෂ්ණත්වයකට ඔරොත්තු දෙන අචල දුස්ශ්‍රාවිතාවය මෙන්ම, යාන්ත්‍රික කොටස් මළකඩ කෑම වැළැක්වීමේ ප්‍රතිරෝධය තිබීම, Sheraing හෙවත් (අණුක) සමතුලිතතාවය නොබිඳ පැවතීම වැනි දේ පවා එහි වැදගත් ගුණාංග වෙනවා...
...තිරිංග සඳහා අවශ්‍ය තෙල් වල මේ ගුණය තියෙනවා. එනම් එතන කෙරෙන්නේ පාදයෙන් තිරිංග තද කරන විට, එම බලය රෝද තෙක් ගෙන යාමේ ක්‍රියාවළියක් නිසා. මේ සඳහා මොන තරම් ශක්තිමත් කම්බි යෙදුවත්, ඒ කම්බි ඇදෙනවා. ඉතා පැරණි වාහන වල තිරිංග සඳහා තිබුනේ කම්බි. එමෙන්ම සමහර අවස්ථාවන්හී අත් ට්‍රැක්ටර් ට්‍රේලර් සඳහාත් කම්බි භාවිතා වෙනවා. එලෙසම එක්තරා ප්‍රමාණයකට හයිඩ්රෝලික් තෙල් වල ඇති ගුණාංග, ගියර් පෙට්ටියේ ඇති තෙල් සඳහාත් තියෙනවා. මක්නිසාද යත්, එහිත් පීඩනය ඇති කරන අවස්ථා තියෙන නිසා...
... මේ හයිඩ්රෝලික් තෙල් වල එක සාධකයක් හෝ අචලව නැත්නම්, බලය සම්ප්‍රේෂණය කිරීමට එය විශාල බාධාවක් වෙනවා. දැන් මෙතන දී වැදගත් දෙයක් ලිහිස්සුම් තෙල් ගැන කියන්න වෙනවා. ලිහිස්සුම් තෙල්, හයිඩ්රොලික් තෙල් ලෙස හෝ හයිඩ්රොලික් තෙල්, ලිහිස්සුම් තෙල් ලෙස භාවිතා කල හැකිද? ...කොහෙත්ම බැහැ... මොකක්ද හේතුව?...?... හේතුව සරළයි. තෙල් දෙවර්ගයෙන් කෙරෙන්නේ වැඩ දෙකක්. දැන් එහෙම නම් සාමාන්‍ය ලිහිස්සුම් තෙල් Variable valve timing ක්‍රමයකට භාවිතා කරන්න පුලුවන්ද? ලංකාවේ සාමාන්‍යයෙන් දක්නට ඇති ‘හොණ්ඩා සිවික්’, ‘හොණ්ඩා ඇකොර්ඩ්’ හෝ ‘ටොයෝටා කැම්රි’ මෝටර් රථ වල මේ Variable valve timing ක්‍රමය තියෙනවා. හැබැයි මේ එක රථයක වත් ඉහත කී හයිඩ්රෝලික් තෙල් VVT යාන්ත්‍රණයට භාවිතා කරන්නේ නැහැ. එන්ජිමට අවශ්‍ය සාමාන්‍ය ලිහිස්සුම් තෙල් එහි භාවිතා කරන්නේ. මෙතන පෙනෙන විදියට නම් අවුලක් තියෙනවා. සාමාන්‍ය ලිහිස්සුම් තෙල් ට්‍රැක්ටරයක ට්‍රේලරය ඔසවන්න භාවිතා කලොත් කුමක් වේවිද? එම යාන්ත්‍රණය අසාර්ථක වෙනවා. අධික පීඩනය නිසා, තෙල් වල වාතය කළවම් වී පෙණ හැදෙනවා. ඒ විතරක් නොවේ, එම තෙලම එන්ජිමේ අධික උෂ්නත්වය ඇති තැන් හරහා යනවා. එවිට තෙලට ඇතිවන බලපෑම විශාලයි ...
... ඉතින් බැලූ බැල්මට, VVT යාන්ත්‍රණයේ කුඩා සිදුරු හරහා අධික පීඩනයක් හරහා යන ලිහිස්සුම් තෙල්වල තත්වය ඉක්මණින් නරක් වෙනවා. ඉතින් පෙණ ඇතිවීමත්, (අණුක) සමතුලිතතාවය බිඳ වැටෙන නිසාත් VVT යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. (පින්තුරයක, අතේ තියා ගෙන ඉන්නේ, එම වැඩි පීඩන යටතේ ක්‍රියා කරන VTEC උපකරණයක් ඔබ දකීවි. එහි ඇතුලේ ඇති දැති රෝදය වැනි දෙය, පිටත ඇති කේස් එක ඇතුලේ චලනය වෙනවා. ඒ අනුව ක්‍රෑන්ක් එකට සාපේක්ෂව කනෙක්ටින් රොඩ් එකේ චලනය වෙනස් වෙනවා. ගලවා ඇති එන්ජිමේ පින්තුරයේ ඉදිරි කොටසේ එය සම්බන්ද කර තියෙනවා.) එමෙන්ම, හයිඩ්රෝලික් තෙල් වලින් වැඩ කරන යාන්ත්‍රණ, ලිහිස්සුම් තෙල් වලින් වැඩ කරන යාන්ත්‍රණ වලට වඩා පිරිසුදුව තබා ගත යුතු වෙනවා. මේ වාහන වල ඒ දෙකම එකම තෙලෙන් වෙනවා...
... මෙන්න මේ හේතුව නිසා, ඉහත කී වාහන නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් විසින්, අවශ්‍ය ලිහිස්සුම් තෙල් රෙකමදාරු කර තියෙනවා. ඒ තෙල් වල තරමක් හෝ දුරට හයිඩ්රෝලික් තෙල් වල ඇති ගුණාංග තියෙනවා. මේ පෙණ ඇතිවීම සහ තෙල් වල සමතුලිතතාවය අඩු වීමේ ප්‍රශ්නය අඩු කරන්නට PAO නම් සංඝටකය ඇති තෙල් භාවිතා කරන එක හොඳ ප්‍රථිපල ගෙන දෙනවා. මේ සඳහා වෙනත් සන්ඝටකත් අනාගතයේ හඳුන්වා දෙන්නට පුළුවන්. රසායනික විද්‍යාව දන්නා අය, කැමති නම් ගූගල් කරලා තව විස්තර සොයා ගන්න. ඒක වෙනම ක්ෂේත්‍රයක්. පහත ඉංග්‍රීසියෙන් ලියා ඇති සටහන දිගේ ඒ රසායනික ගුණ බලන්න හැකි වේවි. නිවැරදි තෙල් භාවිතා කරන තාක් කල්, වාහන ක්ෂේත්‍රය ගැන පමණක් උනන්දූ අය සඳහා, එය කෙලින්ම අදාළ වෙන්නේ නැහැ...
Note:- The only synthetic base oil included in this group is polyalphaolefin or PAO. PAOs are made by polymerizing an alpha-olefin molecule like ethylene. In an alpha-olefin molecule, there is a carbon-carbon double bond with hydrogen branching off.
Note:- The only synthetic base oil included in this group is polyalphaolefin or PAO. PAOs are made by polymerizing an alpha-olefin molecule like ethylene. In an alpha-olefin molecule, there is a carbon-carbon double bond with hydrogen branching off.
... ඒ නිසා මේ ආකාරයේ VVT යාන්ත්‍රණ ඇති වාහනවලට, එම අදාළ වූ ලිහිස්සුම් තෙල් දමිය යුතු වෙනවා. එහෙන් මෙහෙන් මිළදී ගත් ලිහිස්සුම් තෙල් දැමිය යුතු නැත්තේ අන්න ඒ නිසායි. මෙතන ගැලවූ VTEC උපකරණයක පින්තුරයක් දමා තියෙනවා.එය හොණ්ඩා ඇකෝර්ඩ් වාහනයක (2.4 ලීටර් , 2008 කාණ්ඩය) VTEC යාන්ත්‍රණයක්. අන්න ඒ යාන්ත්‍රණය සහ එයට තෙල් එන බට ඇතුලේ විශාල පීඩනයක් ඇති වෙනවා.
තෙල් මාරු කරන්නට වාහනය ගරාජ් එකකට ගෙන ගිය විට, ...“නෑ මහත්තයා, කොයි තෙලෙන් වෙන්නෙත් එකම දේ කියා” බාස් උන්නැහේ කිව්වාට එය පිළිගන්න නම් එපා... බොහෝ වෙලාවට මේ වර්ගයේ වාහනවල එන්ජිම ඇතුලේ තෙල් මන්ඩි හැදිලා තියෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙයට හේතුව වැරදි ලිහිස්සුම් තෙල් මේ වාහන වලට භාවිතා කිරීමයි. ඒ නිසා මේ වාහන භාවිතා කරන අය තෙල් මාරු කිරීමේදී ප්‍රවේශම් වෙන එක නුවණට හුරුයි..
තෙල් මාරු කරන්නට වාහනය ගරාජ් එකකට ගෙන ගිය විට, ...“නෑ මහත්තයා, කොයි තෙලෙන් වෙන්නෙත් එකම දේ කියා” බාස් උන්නැහේ කිව්වාට එය පිළිගන්න නම් එපා... බොහෝ වෙලාවට මේ වර්ගයේ වාහනවල එන්ජිම ඇතුලේ තෙල් මන්ඩි හැදිලා තියෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙයට හේතුව වැරදි ලිහිස්සුම් තෙල් මේ වාහන වලට භාවිතා කිරීමයි. ඒ නිසා මේ වාහන භාවිතා කරන අය තෙල් මාරු කිරීමේදී ප්‍රවේශම් වෙන එක නුවණට හුරුයි..


No comments:
Post a Comment