Top story

Saturday, November 28, 2015

 බාවිතාකල වාහනයක් මිලදී ගැනීමට යන ඔබ සදහා 
1.වාහනයට අදාල ලියකියවිලි
i. පෙර අයිතිකරුවන් ගනන
(අලුත් වාහනයක පෙර අයිතිකරුවන් වැඩි කියන්නෙ වාහනයේ දොශයක් විය හැක.)
ii.original ද duplicate ද යන්න.
(Duplicate නම් නැවත විකිනීමෙදී ගැටලු පැනනගිනවා ලන්කාවේ මිනිස්සුන්ගේ නොදැනුවත්කම නිසා)
iii. වාහනයේ පොතේ තිබෙන එන්ජින් අන්කය හා චැසි අන්කයම වාහනයෙත් තිබෙද යන්න..
iii. ලීසින් හො වෙනත් යම් ගැටලු තිබෙද කියා
(දන්න අදුරන කෙනෙක් හරහා RMV එකෙනම පරික්ශා කරන්න පුලුවන් නම් වැඩේ ලේසි)
iv. නිශ්පාදිත වර්ශය හා ලියාපදින්චි වර්ශය අතර කාලය
(Late registration නම් ඒ ගැන හොයලා බලලා ගන්න එක ඇගට ගුනයි)
V. නිශ්පාදිත රට පිලිබදව
( සමහර මාදිලි අපි හිතන් ඉන්න රටේ නෙමෙයි නිශ්පාදනය හො එකලස් කිරිම කරලා තියෙන්නේ)
Vi. Brandnew ද recondition ද පිලිබද
(නැවත විකිනීමෙදී brandnew නම් එය වාසියක් විය හැක)
Vii. පොතේ සදහන් වර්නයම රතයේ තිබේද පිලිබද
( එසේ නොමැතිනම් එයට හේතු අසා දැන ගැනීම වැදගත්)
Viii. ලයිසන්, රක්ශන සහතික, දුම් වාර්තා, අනෙකුත් ලියකියවිලි
(ඔබ වාහනය මිලදී ගැනීමෙදී පෙර වර්ශ වලට අදාල ලියාපදින්චි ගාස්තු ගෙවිමට තිබෙද යන්නත් තිබේනම් එය කුමනපලාතට අදාලද යන්නත/මිලදීගන්නා රතය පුර්න රක්ශනයක් සහිතනම් විකිනීමෙදී එය ඔබගේ නමට මාරුකල හැකිද පිලිබදව/දක්ශ කාර්මිකයෙකුට දුම් වාර්තාව බලා එන්ජිමේ තත්වය යම්තාකදුරට කිවහැක/ මෑතකදි ආනයන කල රතයක් නම් එය මිලදිගත් අවස්තවේ නිකුත්කල බිල්පත් හා අනෙකුත් සහතික, සේවාවාරික වල ලියකියවිලි අලුත්වැඩියාවක් කර ඇත්නම් එහි ලියකියවිලි)
2. වාහනයේ බද හා චැසිය පිලිබද (vehicle body & chassis)
i.වාහනයේ ඉදිරිපස පරික්ශා කරනවා නම් බොනට්ටුව විවුර්ත හා පසුපස පරික්ශා කරනවා නම් ඩිකිය විවුර්ත කර පරික්ශා කල යුතුය
(Accident වෙලා හදලා තියනවා නම් පැහැදිලිව හදුනාගන්න පුලුවන්)
ii. බදේ තිබෙන දාර වල හැඩය අනුව
iii. පලපුරුද්ද මත බදට තට්ටුකර බලා යම් පිරවීමක් කර සාදා තිබේ දැයි පරික්ශා කල හැක
( cataloy paste දමා පුරවා ඇත්නම් තහඩුවට තට්ටු කර එන සුලු රැවු දෙන හඩ වෙනුවට යම් තද පුශ්ටයකට තට්ටු කලවිට එන හඩට සමාන හඩක් ලැබේ.
සැ.යු. මෙය පලපුරුද්ද මත සිදුකල යුතු අතර රතයේ හිමිකරුට නොදැනෙන ලෙස කිරිම වඩාත් යොග්‍ය වේ wink emoticon )
iv. දොරවල් වැසිමේදී අපහසුවකින් තොරව වැසිය හැකිද පිලිබද
( දොර pin, door lock, යතුරු කටවල්, දොර බීඩින් )
V. වෑන් රතයක් වගේ නම් වැහී පීලි වල තත්වය හා බදේ කෙලින් තිබේද යන්න.
( පීලි දිගේ අතගා බැලීමෙන් හා බදේ රැලි හො වෙනයම් ඇදයක් බැලීමෙදී රතයේ පිටුපස සිට බැලීමෙන් පරික්ශා කල හැක)
Vi. ඉදිරි හා පිටුපස විදුලි ලාම්පු, වීදුරු, බැජ් හා ලාංඡන හා පැති කන්නාඩි වල තත්වය හා බාහිරින් බදට සම්බන්ද වන අනෙකුත් කොටස්
Vii. වාහනයේ paint එක පිලිබදව
( සීරිම, මතුපිට ඉරිතැලීම, බුබුලු දමා ඇත්දැයි, අවරන වීම, රතයේ සෑම පැත්තක්ම එකම වර්නයෙන්ද යන්න,රතය මීට පෙර paint කරලා තිබෙනවද පිලිබද හා එහි නිමාව පිලිබද රබර් බීඩින් බලා පරික්ශා කල හැක)
3. එන්ජිමේ, ගියරපෙට්ටියේ, අනෙකුත් දාවනයට අදාල කොටස් වල , ටයර හා alloy wheel කර ඇත්නම් එහි තත්වය
i.දක්ශ කර්මික ශිල්පියෙකු ලවා එන්ජිම හා ගියර්පෙට්ටිය පරික්ශාකල යුතු අතර සරලව කිවහොත් oil leak/ start කර තැබිමේදි ඇතිවන ශබ්ද/ වාහනය race කරනවිට පිටවන දුම් වල පාට, ප්‍රමානය, දක්ශතාවය මත ගද සුවද බැලීමෙන්/ oil වල පාට,ගනත්වය වැනී දැ/එන්ජින් මැදිරියේ තත්වය
ii. රතය දාවනය කර බැලීමෙදී -තැනිතලා කෙලින් පාරක දාවනයේදි සුක්කනම අතහැර දාවනයෙදීත එය කෙලින් ගමන් කරනවාද/ දාවනයේදී ඇතිවන ශබ්ද/ ගියර් මාරුකිරිමෙදී තත්වය හා auto gear නම් නියමිත වේග වලදී ගියර මාරුවීම පිලිබදව ඒ සියල්ලටම ප්‍රතමයෙන් තිරින්ගවල තත්වය පිලිබද/දාවනයෙදි එන්ජිමේ heat එක හා සැපපහසුව පිලිබදව
iii. Differential, suspension , වාහනය හැසිරවීම හා පාලනය පිලිබද
iv. ටයර වල ගෙවීම් සිදුවී ඇති ආකරය කොපමන පරනද පිලිබද, නියමිත ප්‍රමනයේ ටයරද යොදා ඇත්තේ ( නියමිත ප්‍රමනය වාහනයේ පොතේ සදහන් කර ඇත) ප්‍රමනය වෙනස් කර ඇත්නම් එයට හේතු/අමතර ටයරයක් තිබේ නම් එහිතත්වය නොමැති වරගයේ රතයක් නම් හදිසී අවස්තාවකදී බාවිතා කරන pump එක හා ද්‍රාව බොතලය/ tool kit එක හා jack එක.
V. වයිපරය හා එහී මෝටරයේ ක්‍රියාකරිත්වය / light වල තත්වය/ AC ඇත්නම් එහි තත්වය/ power shatter , p.mirrors , sound system, electric seats , sunroof ඇත්නම එහි හා අනෙකුත් ස්වුච් වල තත්වය/ seats , dashboard , upholstery, seat belts , carpets ,door light ,hood light හා අනෙකුත් කොටස්වල තත්වය/ ඇතුලත පිරිසිදුකම/හැකියාවක් තිබේනම් වාහනයේ යට පරික්ශාවක් සිදුකිරිමත් වැදගත්
4. අයිතිකරුගේ ස්වබාවය ( ඉහත සදහන් කරපු කරුනු පරිකශා කරනකොට එය නිකම්ම වැටහේවී) / රතය තිබෙන ස්තානය ( මුහුදට ආසන්නවද, පාර ආසන්නවද එලිමහන් තැනකද, ගැරැජයක් ඇතුලතද)
කලින් බාවිතා කලේ කුමක් සදහාද ( cab service එකකටද, පවුද්ගලික ප්‍රයොජනයටද, වෙනයම් කටයුත්තකටද පිලිබද)
බාවිතාකල පුද්ගලයන් පිලිබදව ( රියදුරෙක්ද , කාන්තාවක්ද (එසේනම් මේ වෙනවිටත් රවුම් කරල ඇති))
රතය විකිනීමට හේතු
5. වර්තමානයේ ඔබ මිලදී ගැනීමට යන රතයේ වටිනාකම/ නැවත විකිනීමෙදී එහී වෙලදපොල වටිකම, ඔබ එය යොදාගැනීමට බලාපොරොත්තුවන කාර්‍යය, අමතරකොටස් වල මිල හා එය අපහසුවකින් තොරව හොයාගත හැකිද පිලිබද, එවැනි රතයක් බවිතා කරන අනෙක් අයගේ ප්‍රතිචාරය,රතය මිලදීගත් පසු එය බාවිතාකරන පුද්ගලයාගේ කැමත්ත හා හැකියාව
යන කරුනු දැක්විය හැක.








කැටලිටික් කන්වර්ටරය
කැටලිටික් කන්වර්ටරය යනු, වාහනයේ දුම් බටයේ කොටසක් යන්න බව ඔබ දන්නවා යයි සිතමි. සාමාන්‍යයෙන් දුම් බටයක කොටස් එතරම් මිළ ඇති දේවල් නොවේ. දුම් බටය දිරා ගිය විට කොහෙන් හෝ ගන්නා ලද පැරණි දුම් බටයක කොටසක් ඔබට එම දිරා ගිය ස්ථානයට සම්බන්ද කල හැක. එය එසේ නම්, මේ කැටලිටික් කන්වර්ටරය යන කොටසේ විශේෂත්වය කුමක්ද?
1974න් පසු නිෂ්පාදනය කල වාහනවල මේ අංගය තිබිය යුතු බවට නීතියක් පැමිණිනි. පෙට්‍රල් සහ ඔක්සිජන් එක්ව ඇති කරන දහනයේදී ඇතිවන කාබන් මොනොක්සයිඩ් සහ යම් විෂ සහිත හයිඩ්රෝ කාබන් වර්ග වැනි පරිසරයට අහිතකර වායුන් සහ රසායනික ද්‍රව්‍ය මුදා හරී. එම වායුන් සහ රසායනික ද්‍රව්‍ය, කැටලිටික් කන්වර්ටරය මගින් අවශෝෂණය කර, වඩා හිතකර සංඝටක ලෙස පරිසරයට නිකුත් වීම සිදු කරයි. මේ ක්‍රියාවළිය සිදු කිරීම සඳහා මෙම උපකරණයේ වටිනා ලෝහ ඇත. කොපර් වලට අමතරව, ප්ලැටිනම්, පැලේඩියම් වැනි ලෝහ වර්ග ඇත. එසේ හෙයින් කැටලිටික් කන්වර්ටරය, හොරුන් ආකර්ෂණය කරන දෙයකි. ලෙහෙසියෙන් හොරකම් කරගත හැකි දෙයකි. යකඩ කපන කියතක් ඇත් නම්, එය දුම් බටයෙන් කපා ගැන්මට යන්නේ විනාඩි කිහිපයක් පමණි. විශේෂයෙන්ම උසැති වාහන වන ට්‍රක් රථ සහ ෆෝ වීල් රථ වල කැටලිටික් කන්වර්ටරය ඉවත් කිරීම පහසුය. මක්නිසාද යත්, වාහනය ජැක්-අප් නොකර, වාහනය යටට පහසුවෙන් රිංගීමට හැකි හෙයිණි.
හොරෙක්ට මෙය ලෝහ ප්‍රති චක්‍රීයකරන තැනකට දී, පහසුවෙන් රුපියල් 6000 ක් පමණ සොයා ගත හැක. එහෙත් අළුත් කන්වර්ටරයක් මිළදී ගැනීම සඳහා ඔබට අඩුම වශයෙන් රුපියල් ලක්ෂයක් හෝ සමහර අවස්ථාවක ලක්ෂ හතරක් පමණ මිළක් වියදම් කිරීමට සිදු වෙනු ඇත. සමහර වාහනවල, කන්වර්ටර් එකකට වඩා ඇති අවස්ථා ඇත. කන්වර්ටරය නොමැතිව වාහනය පැදවීමේදී, එම වාහනයේ සාමාන්‍ය ශබ්දය ඉතා වෙනස් වෙන අතර, සමහර රටවල නම් කැටලිටික් කන්වර්ටරය නොමැතිව වාහන පැදවීම තහනම් වේ. කෙසේ හෝ මේ හොරකමෙන් බේරීමට ඔබට කළ හැකි දේවල් ඇත.
1. වාහනයේ මේ උපාංගය ඇති ස්ථානය යට ලෙහෙසියෙන් ගැලවිය නොහැකි යකඩ දැලක් සම්බන්ද කිරීම.
2. වාහනයේ කුඩා හෝ චලනයක් දැන ගත හැකි ආකාරයට ක්‍රියාත්මක වන සෙන්සර් ක්‍රමයක් භාවිතා කිරීම.
3. වාහනය වැඩි කාලයක් පාර්ක් කර තබන්නේ නම්, වසා ඇති ස්ථානයක එය තැබීම.
සමහර අවස්ථාවල් වල මෝඩම මෝඩ හොරෙක්, කැටලිටික් කන්වර්ටරය යයි සිතා ඔක්සිජන් සෙන්සරය ඇති දුම් බට කොටස කැපු බව වාර්ථාගත වී ඇත. එවිට ඔබට වන පාඩුව වඩාත් වැඩිවිය හැක. එසේ හෙයින් මේ සම්බන්දව සිතා බැලීම වැදගත්ය.
විශාල ඝෝෂාවක් ඔබේ වාහනයෙන් එන්නේ නම්, එය කැටලිටික් කන්වර්ටර් හොරෙක් ඔබගේ වාහනයේ කන්වර්ටරය හොරකම් කල බවට ලකුණක් විය හැක. එසේ හෙයින් මුලික වශයෙන්, වාහනය ප්‍රවේසම් තැනක තැබීම වැදගත් වේ..











Thursday, November 26, 2015

විශේෂ ස්තූතිය මේ artical පළකිරීම සදහා සහය දුන්
                        මෝටර් කාර්මික දැනුම  Car industrial knowledge fb page එකේ
Mr. Lalith karunaratna
මේ තියෙන්නේ Bmw active hybrid එකක හයිවෝල්ටේජ් බැටරිය 

316v මෙහි අඩංගුවේ.









ෆෙරාරි සමාගමේ නිර්මාතෘ වන ඉතාලි ජාතික එන්සෝ ෆෙරාරි ගේ ප්‍රසිද්ධ අවවාදය ඉහත දැක්වේ. මෙවන් ශුභවාදී ආකල්පයක් ඔහු දැරුවේ නැත් නම්, ෆෙරාරි වාහන මෙන් ඉහළ තලයේ ලෝක ප්‍රකට නිර්මාණ කරන්නට ඔහු සාර්ථක නොවන්නට ඉඩ තිබුණි.
එය, කුඩා වාහනයක් හෝ මෝටර් සයිකලයක් ඇති කෙනෙකුටද අදාළය .




මෙයට දශක 6 කට පමණ පෙර BMW සමාගම විසින්, ඒ කාලයේ ආකාරයට 'දැවැන්ත' වාහනයක් නිෂ්පාදනය කළෝය. ජනප්‍රිය වෙමින් පැවතුනු මර්සිඩීස් බෙන්ස් 300 SL වාහනයට තරඟයට මේ වාහනය නිෂ්පාදනය විය. තවද මේ වාහනය ප්‍රසිද්ධ වූයේ එවකට සිටි සුප්‍රකට ගායක, 'එල්විස් ප්‍රෙස්ලි' විසින් මේ වාහනය ධාවනය කල හෙයිනි. ඔහු ධාවනය කල එම වාහනය, තවත් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වූ රේස් රථ ධාවක හැන්ස් ස්ටක් විසින් ධාවනය කළ වාහනයම විය.
කාර්මික දත්ත:-
ඝන සෙන්ටි මීටර 3,168 ක් වූ ඇළුමීනියම් ඇලෝයි OHV V8 එන්ජිම...
වෑල්ව් ක්‍රියාත්මක වුයේ පුෂ් රොඩ්ස් වලිනි...
V8 එන්ජිමක් හෙයින් එක පැත්තකට Zenith 32NDIX බැරල් දෙකේ කාර්බියුරේටර...
චේන් එකකින් ක්‍රියාත්මක වූ ඔයිල් පොම්පය...
වෙනස් කළ හැකි විදුළි පුලිඟු පරාසය... (Advance- retard)
එන්ජිමේ පීඩක අනුපාතය 7.8:1... (Compression ratio)
මෙට්‍රික් අශ්ව බල 150 හෙවත් 110 HP {විනාඩියකට භ්‍රමණ වාර (RPM) 5000 දී} ...
වේග හතරක් තෝරා ගත හැකි ගියර් පෙට්ටිය.
..
ඉහත දත්තයන් ආකර්ශනීය වුවද, මේ වාහනය වෙළඳ වශයෙන් අසාර්ථක වාහනයක් විය ...
මේ වාහනයේ තත්වයට සාපේක්ෂව මිළ ඉතා වැඩි වූ නිසා, බී.එම්. ඩබ්ලිව්. සමාගම මේ වාහනයෙන් ලාභයක් ලැබූවේ නැත. ඇත්ත වශයෙන්ම, මේ වහනය නිසා BMW වාහන සමාගම වැසී යන්නට ඔන්න මෙන්න ඉඩ තිබුණු යුගයක් විය. එසේ හෙයින් වාහන 252 ක් පමණක් නිෂ්පාදනය විය. මෙහි ලොකුම ප්‍රශ්නය වූයේ, විශාල පෙට්‍රල් ටැංකිය නිසා වාහනය ඇතුල් ඉඩ අඩු වීමය...
කෙසේ වුවද, මෙහි තිබු සුන්දර හැඩය පසු කලක BMW Z8 රථය තැනීමට පාදක වූ බව කියවේ. පින්තුරයේ දමා ඇති අළු පැහැ Z8 රථය දෙස බැලුවිට ඔබට එය පෙනෙනු ඇත..

















Wednesday, November 25, 2015

කාල පරාස’ වෙනස් කල හැකි කපාට ඇති වාහන සඳහා භාවිතා කරන ලිහිස්සුම් තෙල්.
...Variable valve timing (VVTi, VTEC, VANOS...etc ) යන මේ මොන නමෙන් කීවත් වන්නේ එක හා සමාන දෙයක්. ඇත්තටම, මේ සම්බන්දව විස්තරාත්මක ළිපියක්, මේ ගැන විස්තර ඇතිව සොයා බැලූ කෙනෙක්, ළිපියක් ලියා පිටුවේ පළ කරනවා නම් හොඳයි. මේ වෑල්ව් ක්‍රම ඇති වාහන වලට භාවිතා කරන තෙල් ගැන ඔබ මඳකට හෝ සිතා බලා තියෙනවාද? මේ ළිපියේ, VVTi , VTEC ක්‍රමවල වාහන වලට යොදන තෙල් ගැන සාකච්චා කරමු. (තව එක දෙයක්... ඉහත මාතෘකාවට ගත් ‘සිංහළ වචන’ නම් හරිද කියන්න දන්නේ නැහැ)...
... ඉතින් ඔය VVT ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ හයිඩ්රෝලික් පොම්පයක් වගේ. එවිට ඒ වර්ගයේ වාහන වල හයිඩ්රෝලික් තෙල් භාවිතා කරනවාද? ...නැහැ....!!!...පාවිච්චි කරන්නේ වාහනයේ එන්ජිමට අවශ්‍ය වන ලිහිස්සුම් තෙල්මයි. දැන් අපි මේ තෙල් වර්ග දෙක ගැන මුලින් කතා කරමු. ලිහිස්සුම් තෙල් වලින් වන දෙය අපි දන්නවා. එන්ජිම සිසිල් කරණය, එහි යාන්ත්‍රික කොටස් ගෙවී යාම වැළැක්වීම, සහ සිලින්ඩර-පිශ්ටන් අතර පටලයක් මෙන් තැන්පත්ව අවශ්‍ය සම්පීඩනය ලබා දීම...වැනි දේවල් එයින් විය යුතුයි. ඒ ආකාරයේ තෙල් සහ හයිඩ්රොලික් තෙල් කියන්නේ එකම තෙල් වර්ගයක් නොවේ. හයිඩ්රොලික් තෙල් වලින් මූලිකවම කරන්නේ ‘බලය’ සම්ප්‍රේෂණය කිරීමයි...
... ඔබ සමහරවිට දැකලා ඇති ට්‍රැක්ටරයක හෝ දොබකරයක එන්ජිමේ සිට ට්‍රේලරය හෝ භාරය ඔසවන සිලින්ඩර වෙත එන තෙල් පයිප්ප. එන්ජිමෙන් වැඩ කරන තෙල් පොම්පයකින් ඇති කරන පීඩනය මගින් ට්‍රේලරය ඔසවනු ලබනවා. ඉතින් ඒ හයිඩ්රොලික් තෙල් වල වෙනත් භෞතික සහ රසායනික තත්වයන් තියෙනවා. වැදගත්ම හේතුවක් වන්නේ ‘පෙණ’ නොනැගීමට ඒ තෙල් සමත් වීමත්, අධික පීඩනයන් යටතේ සම්පීඩනය නොවීමත් වෙනවා. ඉහල උෂ්ණත්වයකට ඔරොත්තු දෙන අචල දුස්ශ්‍රාවිතාවය මෙන්ම, යාන්ත්‍රික කොටස් මළකඩ කෑම වැළැක්වීමේ ප්‍රතිරෝධය තිබීම, Sheraing හෙවත් (අණුක) සමතුලිතතාවය නොබිඳ පැවතීම වැනි දේ පවා එහි වැදගත් ගුණාංග වෙනවා...
...තිරිංග සඳහා අවශ්‍ය තෙල් වල මේ ගුණය තියෙනවා. එනම් එතන කෙරෙන්නේ පාදයෙන් තිරිංග තද කරන විට, එම බලය රෝද තෙක් ගෙන යාමේ ක්‍රියාවළියක් නිසා. මේ සඳහා මොන තරම් ශක්තිමත් කම්බි යෙදුවත්, ඒ කම්බි ඇදෙනවා. ඉතා පැරණි වාහන වල තිරිංග සඳහා තිබුනේ කම්බි. එමෙන්ම සමහර අවස්ථාවන්හී අත් ට්‍රැක්ටර් ට්‍රේලර් සඳහාත් කම්බි භාවිතා වෙනවා. එලෙසම එක්තරා ප්‍රමාණයකට හයිඩ්රෝලික් තෙල් වල ඇති ගුණාංග, ගියර් පෙට්ටියේ ඇති තෙල් සඳහාත් තියෙනවා. මක්නිසාද යත්, එහිත් පීඩනය ඇති කරන අවස්ථා තියෙන නිසා...
... මේ හයිඩ්රෝලික් තෙල් වල එක සාධකයක් හෝ අචලව නැත්නම්, බලය සම්ප්‍රේෂණය කිරීමට එය විශාල බාධාවක් වෙනවා. දැන් මෙතන දී වැදගත් දෙයක් ලිහිස්සුම් තෙල් ගැන කියන්න වෙනවා. ලිහිස්සුම් තෙල්, හයිඩ්රොලික් තෙල් ලෙස හෝ හයිඩ්රොලික් තෙල්, ලිහිස්සුම් තෙල් ලෙස භාවිතා කල හැකිද? ...කොහෙත්ම බැහැ... මොකක්ද හේතුව?...?... හේතුව සරළයි. තෙල් දෙවර්ගයෙන් කෙරෙන්නේ වැඩ දෙකක්. දැන් එහෙම නම් සාමාන්‍ය ලිහිස්සුම් තෙල් Variable valve timing ක්‍රමයකට භාවිතා කරන්න පුලුවන්ද? ලංකාවේ සාමාන්‍යයෙන් දක්නට ඇති ‘හොණ්ඩා සිවික්’, ‘හොණ්ඩා ඇකොර්ඩ්’ හෝ ‘ටොයෝටා කැම්රි’ මෝටර් රථ වල මේ Variable valve timing ක්‍රමය තියෙනවා. හැබැයි මේ එක රථයක වත් ඉහත කී හයිඩ්රෝලික් තෙල් VVT යාන්ත්‍රණයට භාවිතා කරන්නේ නැහැ. එන්ජිමට අවශ්‍ය සාමාන්‍ය ලිහිස්සුම් තෙල් එහි භාවිතා කරන්නේ. මෙතන පෙනෙන විදියට නම් අවුලක් තියෙනවා. සාමාන්‍ය ලිහිස්සුම් තෙල් ට්‍රැක්ටරයක ට්‍රේලරය ඔසවන්න භාවිතා කලොත් කුමක් වේවිද? එම යාන්ත්‍රණය අසාර්ථක වෙනවා. අධික පීඩනය නිසා, තෙල් වල වාතය කළවම් වී පෙණ හැදෙනවා. ඒ විතරක් නොවේ, එම තෙලම එන්ජිමේ අධික උෂ්නත්වය ඇති තැන් හරහා යනවා. එවිට තෙලට ඇතිවන බලපෑම විශාලයි ...
... ඉතින් බැලූ බැල්මට, VVT යාන්ත්‍රණයේ කුඩා සිදුරු හරහා අධික පීඩනයක් හරහා යන ලිහිස්සුම් තෙල්වල තත්වය ඉක්මණින් නරක් වෙනවා. ඉතින් පෙණ ඇතිවීමත්, (අණුක) සමතුලිතතාවය බිඳ වැටෙන නිසාත් VVT යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. (පින්තුරයක, අතේ තියා ගෙන ඉන්නේ, එම වැඩි පීඩන යටතේ ක්‍රියා කරන VTEC උපකරණයක් ඔබ දකීවි. එහි ඇතුලේ ඇති දැති රෝදය වැනි දෙය, පිටත ඇති කේස් එක ඇතුලේ චලනය වෙනවා. ඒ අනුව ක්‍රෑන්ක් එකට සාපේක්ෂව කනෙක්ටින් රොඩ් එකේ චලනය වෙනස් වෙනවා. ගලවා ඇති එන්ජිමේ පින්තුරයේ ඉදිරි කොටසේ එය සම්බන්ද කර තියෙනවා.) එමෙන්ම, හයිඩ්රෝලික් තෙල් වලින් වැඩ කරන යාන්ත්‍රණ, ලිහිස්සුම් තෙල් වලින් වැඩ කරන යාන්ත්‍රණ වලට වඩා පිරිසුදුව තබා ගත යුතු වෙනවා. මේ වාහන වල ඒ දෙකම එකම තෙලෙන් වෙනවා...
... මෙන්න මේ හේතුව නිසා, ඉහත කී වාහන නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් විසින්, අවශ්‍ය ලිහිස්සුම් තෙල් රෙකමදාරු කර තියෙනවා. ඒ තෙල් වල තරමක් හෝ දුරට හයිඩ්රෝලික් තෙල් වල ඇති ගුණාංග තියෙනවා. මේ පෙණ ඇතිවීම සහ තෙල් වල සමතුලිතතාවය අඩු වීමේ ප්‍රශ්නය අඩු කරන්නට PAO නම් සංඝටකය ඇති තෙල් භාවිතා කරන එක හොඳ ප්‍රථිපල ගෙන දෙනවා. මේ සඳහා වෙනත් සන්ඝටකත් අනාගතයේ හඳුන්වා දෙන්නට පුළුවන්. රසායනික විද්‍යාව දන්නා අය, කැමති නම් ගූගල් කරලා තව විස්තර සොයා ගන්න. ඒක වෙනම ක්ෂේත්‍රයක්. පහත ඉංග්‍රීසියෙන් ලියා ඇති සටහන දිගේ ඒ රසායනික ගුණ බලන්න හැකි වේවි. නිවැරදි තෙල් භාවිතා කරන තාක් කල්, වාහන ක්ෂේත්‍රය ගැන පමණක් උනන්දූ අය සඳහා, එය කෙලින්ම අදාළ වෙන්නේ නැහැ...
Note:- The only synthetic base oil included in this group is polyalphaolefin or PAO. PAOs are made by polymerizing an alpha-olefin molecule like ethylene. In an alpha-olefin molecule, there is a carbon-carbon double bond with hydrogen branching off.
... ඒ නිසා මේ ආකාරයේ VVT යාන්ත්‍රණ ඇති වාහනවලට, එම අදාළ වූ ලිහිස්සුම් තෙල් දමිය යුතු වෙනවා. එහෙන් මෙහෙන් මිළදී ගත් ලිහිස්සුම් තෙල් දැමිය යුතු නැත්තේ අන්න ඒ නිසායි. මෙතන ගැලවූ VTEC උපකරණයක පින්තුරයක් දමා තියෙනවා.එය හොණ්ඩා ඇකෝර්ඩ් වාහනයක (2.4 ලීටර් , 2008 කාණ්ඩය) VTEC යාන්ත්‍රණයක්. අන්න ඒ යාන්ත්‍රණය සහ එයට තෙල් එන බට ඇතුලේ විශාල පීඩනයක් ඇති වෙනවා.
තෙල් මාරු කරන්නට වාහනය ගරාජ් එකකට ගෙන ගිය විට, ...“නෑ මහත්තයා, කොයි තෙලෙන් වෙන්නෙත් එකම දේ කියා” බාස් උන්නැහේ කිව්වාට එය පිළිගන්න නම් එපා... බොහෝ වෙලාවට මේ වර්ගයේ වාහනවල එන්ජිම ඇතුලේ තෙල් මන්ඩි හැදිලා තියෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙයට හේතුව වැරදි ලිහිස්සුම් තෙල් මේ වාහන වලට භාවිතා කිරීමයි. ඒ නිසා මේ වාහන භාවිතා කරන අය තෙල් මාරු කිරීමේදී ප්‍රවේශම් වෙන එක නුවණට හුරුයි..





















ටොයෝටා mirai







මේ තමයි ටොයෝටා සමාගමේ නවතම නිපැයුම. මෙය නම් කර 
තිබෙන්නේ Mirai ලෙසින්. මේ කාර් එක නවතා තිබෙන තැන බැලූවිටම ඔබට වැටහේවි මෙය සාමාන්‍ය කාරයක් නොවන බව. මෙය fuel cell කාරයක්. වෙනත් විදියට කිව්වොත්, හයිඩ්‍රජන් වලින් ධාවනය වන වාහනයක්. හයිඩ්‍රජන් ටැංකිය වරක් පිරවූ විට සැතපුම් 300ක (කිලෝමීටර් 480ක් පමණ) පමණ දුරක් මෙයට ධාවනය කල හැකි අතර ටැංකිය නැවත පිරවීමට යන්නේ මිනිත්තු 5ක් වැනි කෙටි කාලයක්. ලබන වසරේදී තමයි මෙය වෙළඳපොළට නිකුත් කරන්නේ. හැබැයි අපිට නම් මෙය ධාවනය කරන්න ලැබෙන එකක් නැහැ මිලදී ගත්තත්. ඒ අපිට හයිඩ්‍රජන් ඉන්ධන පිරවුම් හල් නැති නිසා. හයිඩ්‍රජන් යටිතල පහසුකම් හොඳින්ම තිබෙන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ. මිට අමතරව දැන් එංගලන්ත ජපානය වැනි රටවල් හයිඩ්‍රජන් පිරවුම්හල් ස්ථාපනය කරමින් යනවා.බොහෝ දෙනෙකුට හයිඩ්‍රජන් වාහනයක් පෙනෙන්නේ හරියට හයිඩ්‍රජන් බෝම්බයක් වගෙයි. මෙය මෙලෙස බිය විය යුතු දෙයක් නොවුනත්, මේ තාක්‍ෂණය පෙරට ගෙන එන්න නම් මෙම භීතිකාව තුරන් කරන්න සිදුවෙනවා. සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් වාහනයක ඉන්ධන ටැංකිය 700bar වැනි පීඩනයක් තමයි තියෙන්නේ. නමුත් එය ඉතාම ආරක්‍ෂිත විදියට තමයි හදල තියෙන්නේ. හයිඩ්‍රජන් ටැංකිය පිපිරුවේ නැති වුනත් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනතුරකදී හයිඩ්‍රජන් ගෙන යන බට වලට හානි වී හයිඩ්‍රජන් කාන්දුවක් ඇති වෙන්න පුළුවන් කියල. නමුත්, මේ වාහනය හදල තියෙන්නේ ඒ අනතුරත් වලක්වන විදියට. යම්කිසි අනතුරක් සිදුවුනොත් මෙහි ඇති පාලන පද්ධතිය මගින් හයිඩ්‍රජන් සැපයුම නවතා දමනවා.මෙය ඉතාම පරිසර හිතකාමී වාහනයක්. පිටාර නලයෙන් පිට වෙන්නේ සුපිරිසිදු ජලය පමණයි.

Tuesday, November 24, 2015

                    වාහන වල යෙදෙන මැනීම් ඒකක කිහිපයක්.

කාර්මික විප්ලවයේ පටන් ගැනීමත් සමඟම, යන්ත්‍රවල බලය මැනීමේ ඒකක අර්ථ දැක්වීමට සිදු විය. වාහන වලට පෙර
මිනිසුන් සහ බඩු ප්‍රවාහනය කළේ අශ්වයන්ගෙනි. එසේ හෙයින් අශ්වයකු සම්බන්ද කර බලය පිලිබඳ ප්‍රමාණාත්මක බලයක්, භෞතික විද්‍යා මූල ධර්ම සම්බන්ද කර අර්ථ දැක්වීම සිදුවිය. ඉහත පින්තුරයේ ඈති අශ්වයා, අශ්ව බල එකක්ද, ඒ සමඟ දමා ඇති මැක්ලාරන් 650 S වාහනය, අශ්ව බල 641 ක්ද බලය සපයයි...





අශ්ව බලය හෙවත් Horse power (HP) යනු, තත්පරයක කාලයක් තුලදී රාත්තල් 550ක් අඩියක් එසවීමට අවශ්‍ය බලයි. මේ බලය වෙනත් කැමති ආකාරයකින්ද පෙන්වා දිය හැක. උදාහරණයක් ලෙස, රාත්තල් 55ක් තත්පරයකදී අඩි දහයක් එසවීමට අවශ්‍ය බලයද අශ්ව බලයකි. සමහර අවස්ථාවල් වල, මිනිත්තුවකට අඩි රාත්තල් 33000 ක් ලෙසද අශ්ව බලය අර්ථ දක්වා ඇත. මේ කුමන අවස්ථාව ගත්තද එය අශ්ව බල එකක් වේ. මේ බලය මනින ඒකකය විවිධ එන්ජින් වල බලය මැනීම සඳහා සඳහා 19වන සියවසේ සිට භාවිතා විය. වාහනයක් ගතහොත්, ‘බලය’ යන්න මෙසේ විග්‍රහ කල හැක. එනම් එක්තරා කාල පරාසයක් ඇතුලත වාහනයෙන් කල හැකි වැඩ ප්‍රමාණයයි. එහෙත්, මේ ඒකකයේ තවත් ප්‍රභේදයක් දක්වන්නට සිදු විය. එයට කියන්නේ ප්‍රතිරෝධිත අශ්ව බලය හෙවත් Break horse power (BHP) කියාය...
මෙසේ දෙවන ඒකකයක් එන්නට හේතුව සලකා බලමු. වාහනයකිං ගන්නා බලය අඩු වැඩි වන අවස්ථා ඇත. උදාහරණයක් ලෙස රෝද හතරම කරකැවිය හැකි ජීප් එකක් වැනි වාහනයක්, එම රෝද හතරම කරකවන අවස්ථාවේ එන්ජිමේ බලයෙන් හතරෙන් එකක් පමණ වැය වන්නේ, එන්ජිමේ සිට රෝද තෙක් එන ගියර් වැනි නොයෙකුත් උපාංග කර කැවීමටය. රෝද දෙකක් පමණක් ක්‍රියාත්මක වන විට එපමණ බලයක් යන්නේ නැත.
අශ්ව බලය (HP) යනු එන්ජිම සහ අනෙක් විවිධ කොටස් එක්ව වාහනයෙන් එලියට දෙන බලය යි. එහෙත්, ප්‍රතිරෝධිත අශ්ව බලය හෙවත් Break horse power (BHP) යන්න එන්ජිමෙන් පමණක් දෙන බලයයි. එනම් මෙහිදී වාහනයක බලය මැනීමට BHP යන්න වඩා සුදුසු බව පෙනේ. BHP යන්නෙන් , එන්ජිම ක්ලච් එකට, ගියර් පෙට්ටියට හෝ රෝද වලට සම්බන්ද වී එයින් බලය ක්ෂය වීමට පෙර ඇති බලය ගැන කියැවේ. එවිට මේ බලය මනින ක්‍රම දෙක මෙසේ සාරාංශ ගත කල හැක. HP මනින්නේ වාහනයේ රෝද වලින් කරකැවෙන ඩයිනමෝවක් ඇති කරන විදුළි බලය මැනීමෙන් වන අතර, BHP මනින්නේ විද්‍යාගාර තත්වයන් මතය...
මෙය කුඩා සමීකරණයක් ආශ්‍රයෙන් ලියූ විට එය මෙසේ වේ.
HP = (BHP) – (බලයේ ක්ෂය වීම) .
වාහනයක බලය සමහර අවස්ථාවන්හිදී මෙට්‍රික් ක්‍රමයෙන් ද කියනු ලැබේ. එක් අශ්ව බලයක් සමාන වන්නේ වොට්ස් 746 කටය. අපි දැන් ප්‍රායෝගික අවස්ථාවල් ගැන සලකා බලමු.
උදාහරණය 1:- පීජෝ ‘වහළය ඇරිය හැකි’ 206, 1600 CC මොඩලය-වසර 2006 (Peugeot 206, 1600 CC convertible), බලය දී ඇත්තේ EU standard maximum power (kW) at 5750 RPM = 80.1 ලෙසය.
උදාහරණය 2:- පීජෝ 407 , 1800 CC මොඩලය - වසර 2008 (Peugeot 407, 1800 CC ), බලය දී ඇත්තේ Maximum power /bhp (kW) -125 (92) @ 6000 , මෙහි 6000න් පෙන්වන්නේ, ජව රෝදය විනාඩියකට කරකැවෙන වට ගණනය.
උදාහරණය 3:- හොණ්ඩා සිවික්, 1800 CC මොඩලය -වසර 2008 (Honda Civic, 1800 CC), බලය දී ඇත්තේ Maximum power bhp (kW) -140 (104 ) @ 6300, මෙහි 6300න් පෙන්වන්නේ, ජව රෝදය විනාඩියකට කරකැවෙන වට ගණනය.
පසු සටහන:- එන්ජිමේ ධාරිතාවෙන් පමණක් බලය තීරණය වන්නේ නැති බව ඉහත උදාහරණ 2 සහ 3 න් පෙනේ. ධාරිතාව එකම වුවද අශ්ව බලය වෙනස් විය හැක.
Torque යනු කුමක්ද ?
හැරවීමේ බලය ලෙස කිව හැකි, ටෝර්ක් හෙවත් ඉංග්‍රීසි භාශාවෙන් ‘Torque’ ලෙස ඒකකයක් ඇත. ඔබ ඇණයක් ගැලවීමට අඬුවක් භාවිතා කරන විට, එම අඬුවට අසුවී ඇති ඇණයේ සිට අතට ඇති දුර මීටර ‘l’ ලෙස ගන්න. දැන්, අතින් ඇති කරන බලය කිලෝ ග්‍රෑම් ‘s ’ ලෙස ගන්න. එවිට Torque = (s ) X (l) කිලෝ ග්‍රෑම් මීටර් වේ. මෙම ඒකකය නිව්ටන් මීටර් වලින් දෙන අවස්ථා ද ඇත. කිසියම් ඇණයක් ඔබට කුඩා අඬුවකින් ගැලවිය නොහැකි නම්, ඔබ දිග මිටක් ඇති අඬුවක් ගනී. එසේ නැත්නම් වැඩි බලයක් යොදන්නේය. මේ අවස්ථා දෙකේම වන්නේ Torque එක වැඩි කිරීමය. අශ්ව බලය හෙවත් Horse power යනු, රෝද වලින් වාහනය චලන්ය වීමට අවශ්‍ය බලයයි.
අපි දැන් මෙහිද ප්‍රායෝගික අවස්ථාවක් ගැන සලකා බලමු.
උදාහරණය 1:- පීජෝ ‘වහළය ඇරිය හැකි’ 206, 1600 CC මොඩලය (Peugeot 206, 1600 CC convertible), Torque එක දී ඇත්තේ මෙසේය . EU standard maximum torque (Nm) = 147 ලෙසය.
උදාහරණය 2:- පීජෝ 407 , 1800 CC මොඩලය - වසර 2008 (Peugeot 407, 1800 CC ), Torque එකඇත්තේ Maximum Torque lb.ft (Nm) -127 (170) @ 3750, මෙහි 3750 න් පෙන්වන්නේ, ජව රෝදය විනාඩියකට කරකැවෙන වට ගණනය.
උදාහරණය 3:- හොණ්ඩා සිවික්, 1800 CC මොඩලය -වසර 2008 (Honda Civic, 1800CC), Torque එක දී ඇත්තේ Maximum Torque kg.m (Nm) -17.7 (173) @ 4200, මෙහි 4200 න් පෙන්වන්නේ, ජව රෝදය විනාඩියකට කරකැවෙන වට ගණනය.
පසු සටහන:- එන්ජිමේ ධාරිතාවෙන් පමණක් Torque තීරණය වන්නේ නැති බව ඉහත උදාහරණ 2 සහ 3 න් පෙනේ. ධාරිතාව එකම වුවද Torque එක වෙනස් විය හැක.
... අශ්ව බලය මැනීමේ මෙන්ම , torque එක මැනීමේදී ද, වාහනයේ ජව රෝදය කරකැවෙන වට ගණන කියා ඇත. එයට හේතුවක් ඇත. අභ්‍යන්තර දහන එන්ජිමක උපරිම Torque එක ලැබෙන්නේ වැඩිම වේගයකින් කරකැවෙන විටය. සම්පුර්ණ විද්‍යුත් වාහනයක මෙසේ වේගය දක්වන්නේ නැත. හේතුව, විද්‍යුත් මෝටරයක් කරකැවෙන විට, එම මෝටරය කරකවෙන්නට පටන් ගන්නා අවස්ථා වේ මෙන්ම, එය උපරිම වේගයෙන් ගමන් කිරීමේ දීද, එයින් නිපදවන Torque එකේ වෙනසක් නොවන හෙයිණි ...

වඩා වැදගත් වන්නේ BHP ද Torque එකද යන්නයි

 ඇත්ත වශයෙන්ම මේ දෙකම වැදගත් වුවද, BHP ප්‍රමාණය වැඩි නම්, එම මෝටර් රථය මිළදී ගන්නට පාරිභෝගිකයා වැඩියෙන් පෙළබේ. මේ දෙකම ඉතා ඉහලට නැති සමහර වාහන, ඉතා ජනප්‍රියය. උදාහරණයක් වශයෙන් Ford Fiesta මෝටර් රථය තරමට වඩා බලයක් ඇති රථයකි. මේ අතර අලි පැටියෙක් තරම් බර වාහන වල BHP වැඩි වුනා කියා, එය කෙනෙක් හිතන තරම් ත්වරණයක් දෙන්නේද නැත. උදාහරණයක් ලෙස Chavalet Tahoe 5700 CC (4X4) රථය ගත හැක. ඊට වඩා ත්වරණයක් Honda Civic SI 1800 CC රථයෙන් ලැබිය හැක. එහෙයින් වාහනයට සුපර් චාර්ජරයක් හෝ ටර්බෝ එකක් තිබීමේ වැදගත්කම ඔබට පෙනෙනු ඇත. එසේ නම්, වාහනයක් ගැනීමට වෙන කුමන පරාමිති ගැන සිතිය යුතුද?
වෙනස් ආකාරයේ උදාහරණ දෙකක් ගනිමු. පිටුවේ නැවක එන්ජිමක් සහ එහි විස්තරයක් ඇත. දැන් ඔබ දන්නා පරිදි, එහි වේගය සාපේක්ෂ වශයෙන් ඉතා අඩුය. RPM බොහෝ විට 100 ක් පමණ වේ. මෙහිදී වේගය එතරම් අවශ්‍ය නැත. මක්නිසාද යත්, වතුර යට කරකැවෙන පන්කාවෙන් ඇති මහත් ස්කන්ධයක ජලය තල්ලු කල යුතු හෙයිනි. එනම් Torque එක වැදගත්ය. එහෙත් රේසින් කාර් එකකට අවශ්‍ය වන්නේ මුලින් හොඳ එකක් සහ පසුව වේගයෙන් යන විට හොඳ අශ්ව බලයකි...
මෙහි පළවන පෝස්ට් එකේ Torque ගැන සාකච්චා කළෙමු. වාහනයකට ත්වරණයක් ලැබීමට නම්, එම වාහනය නිසල අවස්ථාවේ (හෝ අඩු වේගයකින් යන අවස්ථාවක) සිට වැඩි වේගයකට ගැනීමට නම් Torque එක වඩා වැදගත් වේ. එහෙත් වාහනය වේගයෙන් යනවිට අවශ්‍ය වන්නේ BHP ය. වාහනයක වේග මීටරය (Revolution meter) මෙය ඔබට ප්‍රායෝගිකව තේරුම් ගන්නට හැක. වෙන කෙනෙක් වාහනය එලවන විට එම මීටර දෙස බලා සිටින්න. ස්වයංක්‍රීය (Automatic) වාහනයක් නම් වඩාත් හොඳය. CVT වාහනයක් නම්, ඉතාමත් හොඳයි. වාහනය නිසල අවස්ථාවේ සිට වේගය වැඩිවන විට එම මීටරයේ දර්ශකය ඉහළ අගයක සිට ක්‍රම ක්‍රමයෙන් පහළට එන ආකාරය ඔබට නිරීක්ෂණය කල හැක. එනම් වේගය වැඩි අවස්ථාවේ ඔබට අවශ්‍ය වන්නේ ඉහළ BHP අගයකි. එහෙත් වේගය අඩු අවස්ථාවේ ඔබට අවශ්‍ය ඉහළ Torque එකකි. එම Torque එක ලබාදීම සඳහා එන්ජිම මුලින් වේගයෙන් කරකැවේ. පසුව වන්නේ තත්පරයකට කරන වැඩ ප්‍රමාණය (Work done = Force x Distance, Horse power = Work done per a second) හෙවත් බලය ලබා දීම සඳහා වැඩි BHP එකක් සපයනු ලබයි. එසේ හෙයින් කෙනෙකුට මෙසේ කියන්න පුළුවන්...
“BHP වැඩිවීම වාහනය විකුණා ගන්න ලෙහෙසි වේ. Torque වැඩි වූ විට වාහනය රේස් එකෙන් දිනන්න පුළුවන් වේවි”. BHP යනු මුවෙකුට සමාන කලොත්, Torque එක අලියෙක්ට සමාන කළ හැක. ඇත්ත වශයෙන්ම BHP සහ Torque අතර ගණිතමය සම්බන්දයක් ඇත. එය අපි මේ පහත චේදයෙන් පසු සාකච්චා කරමු...
මේ හෙයින්, වාහනය චලනය වීම පටන් ගන්නා විට ඇති බලය සහ වේගයෙන් යන විට ඇති කරන බලය වෙනස් වීම ඉතා වැදගත් වේ. එයට ඉංග්‍රීසියෙන් bottom-end and top-end power කියා හඳුන්වයි. දැන් BHP ගැන සිතා වාහන ගන්නා අය සිතිය යුතු දෙයක් ඇත. උදාහරණයක් ගනිමු. හොණ්ඩා සිවික් වාහනයේ බලය Maximum power bhp (kW) -140 (104 ) @ 6300 RPM යන්නය. ඔබ එම වාහනයෙන් පැයට කිලෝ මීටර 120 ට පමණ යන විට එන්ජිමේ වේගය දළ වශයෙන් 2800 RPM පමණ වේ. එය එසේ නම්, ලංකාවේ නම් මෙම වේගයට වඩා කොහේ යන්නද කියා ප්‍රශ්නයක් මතු වේ. එය 5000 RPM වලට කිට්ටු වෙන්නටත් බොහෝ වේගයකින් යා යුතුය. (සටහන:- මේ වර්ගයේ වාහනයකින් පැයට කිලෝ මීටර් 218 ක වේගයෙන් ගොස් ඇත්තෙමි. තවත් යන්නට හැකි වුවද, වාහනය අහස් යානයක් මෙන් ටේක් ඕෆ් කරන්නට වේය යන බියෙන් තව දුරට උත්සාහ නොකලෙමි. වැදගත් හේතුවක් ඇතිව මිසක මේවා කළ යුතු නැත. ඒ වේගයෙන් ගොස් පින්තුර ගැනීම කිරීමට උත්සාහ කිරීම, මළ ගෙයක් වෙන්නට හැකි හෙයින්, පෝස්ට් එකේ දමා ඇති පින්තුරය අඩු වේගයකදී ගතිමි.)...
මෙතනදී අවශ්‍ය වන්නේ, වාහනයට ගත හැකි ප්‍රායෝගික ත්වරණයක් සහ වේගයක් පමණි. BHP සහ Torque පමණක් නොව තවත් දත්තද වාහනයක් ගැනීමේදී සැලකිය යුතු බව මෙයින් පෙනේ. උදාහරණයක් වශයෙන් වංගුවක් ගැනීමේදී වාහනයේ ස්ථාවර භාවය වැනි පරාමිති සැළකිය යුතු වේ. පෝස්ට් එකේ දමා ඇති වගු දෙක බලන්න. එක වගුවක ‘සුබාරු ‘ මෝටර් රථ වර්ගයේ මෝටර් රථ දෙකක Torque ප්‍රස්ථාරයද, අනෙකේ ඩුකාටි මොන්ස්ටර් 1100 බයිසිකලයේ HP සහ Torque ප්‍රස්ථාරයන එකිනෙක කැපෙන ලක්ෂයන් ඔබ දකිනු ඇත. ඒ කැපෙන්නේ හරියටම වාහනයේ RPM එක 5252 අවස්ථාවේ දීය...
එය තේරුම් කරන්නට, මෙතනින් එහාට කියන්න හදන දේ වෘත හා සම්බන්ද ගණිතය සහ, සාමාන්‍ය භෞතික විද්‍යාවට ඇලුම් නොකරන අයට නීරස විය හැක. එසේත් නැත්නම්, මේවා බලන විට නිදිමත හැදෙන අයටද, මෙතනින් පහළට නොබලන ලෙස යෝජනා කරමි. ගණනය කෙටි කලෙමි. කල්පනාවෙන් බලන්න...
HP = Feet x lb / time in minute = Work done / Time 
T = රෝදයේ අරය (අඩි ) x බලය (රාත්තල්) 
1 HP = 33,000 lb.feet /minute.
එම නිසා HP = {T x RPM x 2 (Fi) } / (33,000)
(සටහන:- T යනු Torque එකයි. Fi යනු ග්‍රීක් අකුරක් වන ෆයි යන්නය. 2 x Fi x අරය සමාන වෙන්නේ වෘතයක පරිධියටය.) ඉහත ගණනය තව දුරටත් සරළ කල විට,
HP = T (RPM) / 5252 -----------(සමීකරණ අංක 1)
දැන් ඉහත සමීකරණය දෙස කල්පනාවෙන් බැලූ විට, යම් හෙයකින් T යන්න 5252 ට සමාන වුවහොත්, HP ප්‍රමාණය Torque එකට සමාන වෙන බව ඔබට පෙනෙනු ඇත. මෙයින් අපට ලැබෙන නිගමනය ඉහත දක්වා ඇති වගුවේ ඇත. එනම් වාහනය එක්තරා වේගයකින් යන විට, HP ප්‍රමාණය Torque එකට සමාන වේ. තවත් අයුරකින් කිව හොත්, වාහනයක HP සහ Torque යන පරාමිති දේක එකම වගුවක පෙන්වූ විට, එම වක්‍ර කැපෙන බව පෙනේ. එන්ජිමක මෙය සැමවිටම සිදු වේ...
මෙය පෙන්වීමට අපි තවත් උදාහරණයක් ගනිමු.
වාහනයක් කන්දක් නැගීම ගන්න. එන්ජිම 3000 RPM ද, Torque එක 300 lb. feet (අඩි රාත්තල්) යයිද වාහනයේ ගියර් අනුපාතය 3 යයිද සිතමු. දැන් ඉහත (1) සමීකරණය එයට ආදේශ කර HP සොයමු. Torque එක වන 300 , වාහනයේ රෝදයේ ඇක්සලයේ ස්පීඩ් එකෙන් ගුණ කරන්න. ඇක්සලයේ ස්පීඩ් එක 1000 වේ. හේතුව ගියර් අනුපාතය 3 නිසාය. එවිට 300,000 ක් ලැබේ. මෙය 5252න් බෙදු විට 57.1 වේ. මෙය එම අවස්ථාවේ, එම වාහනය ජනනය කරන අශ්ව බල ප්‍රමාණය මෙන්ම Torque එකද එකම වේ...
දැන් ඔබට ඉහත දමා ඇති වගුවන්හී නියම තේරුම පෙනෙනු ඇත.







කවදාවත් බාසලාට ඕනැ විදියට තමන්ගෙ වාහන නටවන්න එපා..හොඳ දක්ෂ, නිසි පුහුණුවක්, වගකීමක් ඇතුව ඔයාලගෙ වැඩේ කරල දෙන අය බොහොම අතලොස්සයි ඉන්නෙ...ඒ අය හඳුනගන්න...ඔය දක්ෂයි කියන ඒ වගේ හොඳ අය වුනත් ඔයා වැඩේ කරගන්න යනකොට ඉන්න මානසික තත්ත්වය, ඒ වන විට දවසේ වැඩ කරල තියන ප්‍රමාණය මත මහන්සිය ආදී සාධක මත අපිට කරල දෙන වැඩේ වුනත් උඩින් පල්ලෙන් එහෙන් මෙහෙන් අමට්ටලා කරල දෙන්න වැඩි ඉඩක් තියනවා..
වාහන පාවිච්චි කරන අයට සුළුවෙන් හෝ තමන්ගේ වාහනේ අදාල කොටසේ ක්‍රියාකාරීත්වය,ගැටළුවේ ස්වභාවය ගැන යම් අවබෝධයක් තිබිය යුතුයි..දන්නෙ නැත්නම් අදාල වාහන මොඩල් එකේ සර්විස් පොතක් වත් කියවල නැතිනම් අන්තර්ජාල සෙවීමක්වත් කරල යන්න..
මොන සංකීර්ණ ගැටළුවක් තිබුණත් බාසලා වැඩ කරන්නේ උන්ගෙ රටාවටයි..වාහනේ ලස්සනට, නියමිත ප්‍රමිතියෙන් පවත්වාගෙන යෑම ගැන උන්ට කිසිම හැඟීමක් නෑ..එහෙන් සූරලා, මෙහෙන් සූරලා, තලල, සමහරවිට වැලිත් එක්ක කොටස් සවි කරල, අමට්ටල තමයි බොහෝ විට දෙන්නෙ..ඒ නිසා වැඩක් කරද්දි තමනුත් ලඟින් ඉඳගන මිනිහට ස්ට්‍රෙස් නොවෙන්න ටූල් එකක් එහෙම ලඟට දීලා, කතා කරල, ප්ලේන්ටියක් එහෙම දීලා මූ මොකක්ද කරන්නෙ කියල බලාගන ඉන්න..කෑලි ගලවන අනුපිළිවෙල බලන්න..ඒ වගේ දේක පොටෝ ගහගන්න එකත් හොඳයි..මොකද බාසා උගෙ විදියට කොටස් ස්වි කරන්න පුළුවන් ආපහු..සමහරවිට කොටස් මග හැරෙන්නත් ඉඩ..බාසා උගෙ ගාන ගන්න අතර මිනිහට කිසිම අවුලක් නෑ ඔයා යන අතරෙ මොනව වුනත්..අමට්ටල දුන්නමත් ආපහු අරන් එනව කියල දන්නවා..එතකොට ඌට තව වතාවක් ගාන කඩාගන්න පුළුවන්..නිතරම වාහනේ දෙන තැන එකා ගැන හොයල බලන්න..සමහර උන් කුණුවෙන්න බීල වැඩ කරන්නෙ..
ලොකු වැඩක් ( උදා : පේන්ට් එකක් ) බාර දෙද්දි අනිවාර්යයෙන් ලියුමක් හදල වගකීමෙන් යුතුව කරල දෙන බවට අත්සන් ගන්න..සමහරු ඔව්වට බයයි..උන්ට එහෙම කරන්න බැරි නම් වෙන මිනිස්සු නැතුව නෙමෙයිනෙ..ලොකු මුදලක් වියදම් කරන්නෙ ප්‍රමිතියට වැඩක් කරවගන්නයි..ආයෙ ආයෙ උන් පස්සෙ දුවන්න බෑනෙ..කොටස් විදියට මුදල් දෙද්දිත් අත්සන් කරවගන දෙන්න..ඌ ලඟ වාහනේ තියෙද්දි නිතරම බලන්න වාහනේ හොඳින් තියනවද, අදාල තැන වටපිටාව ආරක්ෂිතද කියල..කුඩ්ඩො එහෙම ඉන්න පැතිවල වාහන ගිහින් දාන්න එපා.
බාසලා හොඳ කයිවාරු කාරයෝ..ඔයාලගෙ ඔළුවෙ මමයි වැඩ්ඩ කියන ඉම්ප්‍රෙෂන් එක ඇති කිරීම උන්ගෙ වෘත්තීයමය අංගයක් සහ කපටිකමක්..අතීතය හොයල බැලුවොත්, වැඩ කරගත්තු මිනිස්සුන්ගෙන් අහල බැලුවොත් සමහරු හොඳ කියයි සමහරු නරක කියයි..ඒ එක එක්කෙනාට වැඩ කරල දීල තියන විදිය, වැඩේ සංකීර්ණත්වයේ ප්‍රමාණය ආදිය මත..නිතරම අහන්න මොකක්ද කලේ, කොහොමද කොච්චර කාලයක් ගැටළුවක් නැතුව දිව්වද කියල..බේබදුකම වගේ කාරණා, හොර බොරු, වගකීමක් ගන්නවද ආදී කරුණු අහන්න..ආවට ගියාට ඔහේ වාහන ගෙනිහින් දාන්න නම් එපා.
ඔයා කොච්චර සංකීර්ණ වැඩක් ගෙනිහින් කරන්න ඇහුවත් උන් කවදාවත් පස්ස ගහන්නෙ නෑ..ඒක දකින්නෙ හොඳ ඉල්ලමක් විදියට..වැඩේ සංකීර්ණ වෙන තරමට ඌට ගාන කඩන්න පුළුවන්..ඉක්මණින් කරන්න පුලුවන් වැඩේ මාස ගණන්, සමහර විට අවුරුදු ගණන් ඇදලා ටික ටික ගාන කඩන එකත් උන්ගෙ ක්‍රමයක්..එතනදි මුදල් වියදම් වීම අයිතිකාරයට එච්චර දැනෙන්නෙත් නෑ..සමහර වෙලාවට උන් වැඩේ ඉගෙනගන්නෙත් අපේ වාහනෙන්..එවෙලෙට නොදන්නකම පෙන්නන්නෙත් නෑ..කොටස්වලට උන් අතින් හානි වුනත් අයිතිකාරයට ඒක කියන්නෙ නෑ..මෙන්න මේක දාන්න වෙලා කියල දිවීම හින්දා ඒ කොටස ගෙවිල වගේ දෙයක් කියනවා..ඒ ව්ගේම ඒ කොටස හොයාගන්න කොච්චර අපහසු වුනත්, ඉහල මිලක් වුනත් උන් හරියට කියන්නෙ ඒක තුට්ටුවෙ දෙකේ කොටසක්, පහසුවෙන් හොයාගන්න පුළුවන් එකක් විදියටයි..ඒකෙන් අයිතිකාරයගෙ හිත හැදෙනවා...ඔය වගේ බොහොමයක් කොටස් ගන්න ගියාමයි අර මොකක්ද ඉරෙන්නෙ..පංචිකාවට්ට පීරලා, ඊබේ පීරලා පවා සමහර කොටස් හොයන්න බෑ..ඒත් ඒ වෙද්දි ඉතින් අපේ හිත ඒකට හුරු වෙලා ඉවරයි..බාසා වගකීම අරගන ඒකට ගෙවන්නෙත් නෑ..අන්තිමට පාස්සන්න, පුරවන්න, ලියවන්න තමයි වෙන්නෙ..
වැඩක් බාගෙට අමට්ටලා, නිකන් උඩින් වහලා මාසයක් හමාරක් දුවන්න හදල දෙන එකත් උන්ගෙ ක්‍රමයක්..ඒ ක්‍රමය උන්ට ඉල්ලමක්..අපිට ශාපයක්..මම දන්න එකෙක් වහලෙ දිරුමක් හදන්න ගෙනාව ෆාගෝ එකක දිරුම කැටලෝයි දාල වහල දුන්නා..අයිතිකාරය ලඟ නෑ..ඌ වාහනේ දාල මගුලෙ ගිහින්..ඇවිත් හරි ආසාවෙන් අතගාල බලල ආනේ හොඳට කරලනෙ කියල වාහනේ අරන් ගියා..බාසත් මොකුත් කිව්වෙ නෑ..යන්න ඇරල කියනව ආයෙ මාසෙකින් දෙකකින් එයිනෙ කියල..
වාහනයක් දීලා ඇහැ ගහගනම ඉන්න ඕනැ..මගෙ වාහනයක් ටින්කරින් සහ පේන්ට් එකට දුන්නම මූ සල්ලි ගන්නව විතරයි වැඩ නෑ..හැන්දෑවට තව එකෙක් එක්ක බොනව. දිනපතාම..බැලුව බැලුව හරියන්නෙ නෑ දවසක් බැන්නා..පහුවදා මම ගියාම වාහනෙ ඩෑෂ්බෝඩ් ස්විච් ගොඩක් කඩල..ඇදල කඩල කියල පේනවා..ඒ වගේම බොනට් එක අරින්නත් උත්සාහ කරල කේබල් එක හොඳටම ඇදිලා...කිව්වම ඇවිත් බලල එහෙම දෙයක් නම් වෙන්න බෑ, මෙහෙ එහෙම දේවල් වෙන්නෙ නෑ කියල කිව්ව විතරයි..පාස්සන වැඩ වලදි ඔරිජිනල් පවර් ඇන්ටෙනාව පුච්චලම දාල තිබුණ..සමහර තැනක පිටින් පාස්සද්දි ඇතුලෙ වයර් කනෙක්ටර්ස් පිච්චිලා..වාහනේ ගෙදර ගෙනත් බැටරිය කනෙක්ට් කරන්න කලින් සැකේට ධන, සෘණ අග්‍ර වල අඛණ්ඩතාවය ( continuity) බැළුවම මෙන්න දෙක ශෝට් වෙනවා..ඔය වගේ හරක් වැඩ කරන උන් තමයි ඉන්නෙ..කිසිම වෘත්තීය සුදුසුකමක් නෑ කොහෝ හරි ගැරේජ් එකක අවුරුදු ගණන් වැඩ ඉගෙනගෙන තමන්ගෙ ගැරේජ් එකක් දානවා..මම වාහනේ දීපු තැන එකාට ලොකු අවුලක් තිබුණා..ඒ තමයි මම හැමදාම වාහනේ ලඟින් හෙල්ලෙන්නෙ නැතුව පුලු පුලුවන් දෙයක් මමත් කරපු එක සහ දිරපු තැන් එහෙම පෙන්න පෙන්න පාස්සවගත්ත එක..එහෙම නොකල නම් ඌ බොහොමයක් තැන් එහෙම්මම වහල දානව කියල මම දන්නවා..
එන්ජින් එක තැබීම ගැන පෝස්ට් එකක් දැක්ක හින්දයි මම මෙහෙම ලිව්වෙ..බාස්ලා කියන්නෙ පලපුරුද්දක් විතරක් තියන සහ නැති වුනත් තියනව වගේ පෙන්නන කොටසක්. කයිවාරු ගහන කොටසක්..අදාල පාඨමාලා කරල අවශ්‍ය සුදුසුකම්, ගුණ ධර්ම සහිතයි කියල හිතන්න බෑ.. නොහිතන තරමට තමන්ට හොඳයි..මට වුනත් බොහොම දක්ෂ, කලට වේලාවට වැඩ කරල දෙන, කිව්වොත් කරන අය හමුවෙලා නැත්තෙ නෑ..ඒ අයට අපි ගරු කරන්න ඕනැ..ඒ අය මිනිසුන් අතර ප්‍රචලිත කරන්න ඕනැ..වාහනයක් කියන්නෙ තාක්ෂණික උපකරණයක්..ඒ වටා කරුණු කාරණා රාශියක් තියනවා..එහි නිවැරදි ක්‍රියාකාරීත්වය, විශ්වසනීය බව, ලස්සන, ඉන්ධන පරිභෝජනය, හැසිරවීමට පහසු බව ආදී සාධක හරිම වැදගත්..ඔය මොඩිෆයි කරන මක බාස්ලා වාහනය ඩිසයින් කරල තියන විදිය, කොච්චර බරකට ඩිසයින් කරල තියනවද, දාල තියන චැසිය, ෂොක් ඇබ්සෝර්බර්, බෙයාරින්, වාහනේ එයරො ඩයිනමික්ස් ආදිය ගැන සැළකිල්ලක් අති අය නෙමෙයි..වාහනයකට හිමි සුළඟේ ප්‍රතිරෝධය අවම කරන හැඩය ගැනවත් හැඟීමක් නැති බව සමහරුන් අටවන ෆයිබර් තොරණ් වලින් පේනවා..එන්ජින් තියන්න ගියාමත් එහෙමයි..බලන්නෙ එන්ජින් මවුන්ට් කරන්න ඉඩ තියනවද ආදී කාරණා කීපයක් පමණයි...තියන ගියර් පෙට්ටියේ ගියර් අනුපාත වාහනයට ගැළපෙනවද, එන්ජිමේ එලැවුම් බලය ගැළපෙනවද, ඒකෙ වයිබ්‍රේෂන් චැසියට ඔරොත්තු දෙනවද, දීර්ඝ කාලීනව එන බලපෑම් මොනවද කියන කාරණා හිතන්නෙ නෑ.
ඉලෙක්ට්‍රිකල් වැඩ කරගන්න ගියාමත් ගොඩක් භයානක විදියට, අනතුරු වෙන්න ඉඩ තියන විදියට එහෙන් මෙහෙන් වයර් ගැට ගැසීම් දැක ගන්න පුළුවන්..හදිසි ගිනි ගැනීමක් වුනොත් ජීවිතෙන් වන්දි ගෙවන්නයි වෙන්නෙ..
හොඳම දේ සුලුවෙන් පටන් අරගෙන තමන්ගෙ වාහනේ සම්බන්ධ දේවල් තමන්ම කරන්න බලන එකයි..අද ඕනෑ තරම් මේ වගේ සමූහ, ෆෝරම්, අන්තර්ජාල තොරතුරු, යූටියුබ් වීඩියෝ තියනවා..නැතිනම් හොඳ බාස්ලා අඳුනගන්න..වැඩේ කරන අතරතුර ලඟින්ම ඉඳගන බලන්න මූ මොකද කරන්නෙ කියල..
ඉතාලියේ තැනූ 'ෆියට් 500' පැරණි මෝටර් රථය බොහෝ කාලයක් යන තුරු ලෝකයේ තිබුණු කුඩාම රථය ලෙස හැඳින් විය. එයට දී තිබුණු අන්වර්ථ නාමය Topolino නම් විය. ඉතාලි බසින් එහි තේරුම වුයේ 'කුඩා මීයා' යන්නය ...
මේ වාහනයේ වහළය සෑම විටම තනා තිබුනේ සම් වැස්මකිනි. දෙවන ලෝක මහා සංග්‍රාමය සමයේ ඇති වූ අධික ලෝහ හිඟය මෙයට හේතු විය...
..."...සුළඟක් වී මං යනවා... දුර අහසේ ඇවිදින්නට... අප්පච්චි කොහොමද මං අල්ලන්නේ...!!!...!

වොල්ක්ස්වැගන්, බොහෝ වාහන වලට නම් දමා ඇත්තේ එක් එක් ආකාරයේ 'සුළං' වල නම්ය. ඒ මොඩලයන් ගෙන් කිහිපයක් ...

පැසට් :- සමකයේ සිට දෙපැත්තට ගමන් කරන සුළං...

ගොල්ෆ් :- මෙක්සිකෝ බොක්කේ සිට උතුරු ඇමරිකාවේ නැගෙනහිරට යන සුළඟට ජර්මන් භාෂාවෙන් කියන නම...

ජෙටා :- ඉහළ වායු ගෝලයේ ඇතිවන සුළං වර්ගයක්...

බෝරා :- බෝල්කන් මුහුදේ සිට අද්රියාතික්, අයෝනියන් සහ ඒජියන් 
මුහුදු දෙසට හමන සුළං...

Sunday, November 22, 2015




එක එකා ඇවිල්ල tec එක බලලා
ගියාට මේක කෝලන් මඩුවක්ද 
අපි මහන්සියෙන් සුද්ද කලේ මුන්ට  නිකන් බලන්නද
යකඩ ටිකයි වෙඩි නොවදින වහනයයි
බලලා මේක කොහොමත් කැඩෙනවා කියල කියන්නද අවේ 
යකෝ ඕක අපිත් දන්නවා

මේක නොකඩන තැනට කටයුතු කරන්න අපි බලනකොට 
ඇමතිලා ඇවිල්ලා කැඩෙනවා කියනවා

ඇමතිතුමනි ඔය අමාත්‍යාංශය දීපං ළමයෙකුට

මේක අපි ඉගෙන ගන්න තැන
අපි නව නිර්මාණ ලංකාවට ගෙනාවේ මෙතනින් 
ජර්මන් ටෙක් පරාදයි ඔයි

ලංකාවේ මැකැනික්ට තියන තැන මොකක්ද

රෝද තුනක් උඩ සිහින ගොඩක් ඇත
හැබැයි 
          සිහිනය තුල සබැයින්ම ඇත්තේ, 
                                                Genuine Partsමද,



Friday, November 20, 2015

මෙන්න vehicle scaning

සර් ඇහුව වාහනයක් තියෙන්නේ කාටද කියල  නස්සීර් කියල ළමයෙක් කාර් එකක් තියනවා කිව්වා ලමයි කිව්වා මට මොන්ටෙරෝ එකක් තියනවා කියල
සර් : මොන්ටෙරෝ එකක් තියනවද ඔයාට.
මම : ඔව්
සර් : ඒක GDI ද,
මම එකපාරටම තිගැස්සිලා දන්නේනැ කිව්වා.රෝද හතරද,පහදකියල ඇහුව.
මම විහිලුවට අමතර රෝදය සමග පහයි කිව්වා.
සමහරෙක්ට එය මෝඩ උත්තරයක් උනාට
මම දන්නවා එය මම කරපු විහිලුවක් කියල.
අඟහරුවාදාට අරන් එන්න .
සර් එක කිව්වේ අවිශ්වාසයෙනි. ඇතමුන් කිව්වේ.
ඌ ඕක ගේන්නේනැ බන් කියලයි
එත් මම එක ගේනවා.
එතන scan උනේ මගේ වහනය විතරයි.
අවසානයේ ඇතෙම් කට්ටිය කියනවා ඇහුන මට ඒ වහනය මුගේ නෙමෙයි කියනවා එහෙත් මම දන්නවා ඇත්ත මොකක්ද කියල මට කියන්න තියෙන්නේ දන්නෝ දන්ති කියල තම


මොකක්ද මේ scan එක කියල මේ කියන්නේ

නවීන වාහන වල දෝෂ හදුනා ගැනීම සදහාද වාහනයේ තත්වය පරික්ෂ කිරීමටද, වාහන හිමිකරුවා අද ක්‍රියා කරති. ඒ සඳහා scanning යොදා ගනී.
වහනය ස්ටාර්ට් කරලා වටයක් ගිහිල්ලා සද්දේ හොයලා වහනය හදනවට වඩා යමක් මෙම scanning හරහා කරගෙනිමට පුළුවන්.
මෙමගින් වාහනයේ සියලුම දෝෂ හදුනාගෙන ඒවා නිවැරදි කිරීමටද යම් ආකාරයක සහයෝගයක්
scanning හරහා ලැබෙන අතර ,එසේ නොවේ නම් එම ස්ථානය අපිට scanning හරහා බලාගෙන එය ගලවා අපට දෝෂ සමනය කරගත හැක.

මෙහිදී scan වන්නේ engine ඇති sensor සදහා වීම මෙහි විශේෂත්වයකි . එම sensor engine ම අවරණය කරයි.
මෙම scanner වෙන්වෙන්ම sensor වලට වර්ගීකරණය කර ඇත. නවීන මෝටර්රථවල මෙම scanner සම්බන්ධ කිරීම සදහා steering wheel හෝ dash board පහළ slot එකක් ඇති නමුත් පැරණි මෝටර්රථ වල engine එකේ
දක්නට ලැබෙන අතර එය බොහෝවිට battery ආසන්නයේ දක්නට ලැබේ.




මේ මම දන්න තොරතුරු ටික ලිව්වේ මේක කියවන අය මේකේ හරි වැරදි හොයල මට වඩා දන්නා දෙයක් තියනවනම් ලියන්න ව.

Thursday, November 19, 2015

GAME ON

දොස්තරට වඩා දෙයක් කරන්න පුළුවන් මැකැනික්ලට 
O/L ෆේල් උනත් පාස් උනත්
8 පාස් උනත්
උපාධ් ගත්ත උනත්

සිස්ටම් එක මොකක් උනත් 
කළුද සුදුද කියල වැඩක් නැ.................
  


ඔරෝල් අදලා
කොට කලිසම ඇදලා

මජන් ගාගෙන ඉන්න කොල්ලො සෙට් වෙන එකම තැන මැකැනික්