Top story

Saturday, November 28, 2015

කැටලිටික් කන්වර්ටරය
කැටලිටික් කන්වර්ටරය යනු, වාහනයේ දුම් බටයේ කොටසක් යන්න බව ඔබ දන්නවා යයි සිතමි. සාමාන්‍යයෙන් දුම් බටයක කොටස් එතරම් මිළ ඇති දේවල් නොවේ. දුම් බටය දිරා ගිය විට කොහෙන් හෝ ගන්නා ලද පැරණි දුම් බටයක කොටසක් ඔබට එම දිරා ගිය ස්ථානයට සම්බන්ද කල හැක. එය එසේ නම්, මේ කැටලිටික් කන්වර්ටරය යන කොටසේ විශේෂත්වය කුමක්ද?
1974න් පසු නිෂ්පාදනය කල වාහනවල මේ අංගය තිබිය යුතු බවට නීතියක් පැමිණිනි. පෙට්‍රල් සහ ඔක්සිජන් එක්ව ඇති කරන දහනයේදී ඇතිවන කාබන් මොනොක්සයිඩ් සහ යම් විෂ සහිත හයිඩ්රෝ කාබන් වර්ග වැනි පරිසරයට අහිතකර වායුන් සහ රසායනික ද්‍රව්‍ය මුදා හරී. එම වායුන් සහ රසායනික ද්‍රව්‍ය, කැටලිටික් කන්වර්ටරය මගින් අවශෝෂණය කර, වඩා හිතකර සංඝටක ලෙස පරිසරයට නිකුත් වීම සිදු කරයි. මේ ක්‍රියාවළිය සිදු කිරීම සඳහා මෙම උපකරණයේ වටිනා ලෝහ ඇත. කොපර් වලට අමතරව, ප්ලැටිනම්, පැලේඩියම් වැනි ලෝහ වර්ග ඇත. එසේ හෙයින් කැටලිටික් කන්වර්ටරය, හොරුන් ආකර්ෂණය කරන දෙයකි. ලෙහෙසියෙන් හොරකම් කරගත හැකි දෙයකි. යකඩ කපන කියතක් ඇත් නම්, එය දුම් බටයෙන් කපා ගැන්මට යන්නේ විනාඩි කිහිපයක් පමණි. විශේෂයෙන්ම උසැති වාහන වන ට්‍රක් රථ සහ ෆෝ වීල් රථ වල කැටලිටික් කන්වර්ටරය ඉවත් කිරීම පහසුය. මක්නිසාද යත්, වාහනය ජැක්-අප් නොකර, වාහනය යටට පහසුවෙන් රිංගීමට හැකි හෙයිණි.
හොරෙක්ට මෙය ලෝහ ප්‍රති චක්‍රීයකරන තැනකට දී, පහසුවෙන් රුපියල් 6000 ක් පමණ සොයා ගත හැක. එහෙත් අළුත් කන්වර්ටරයක් මිළදී ගැනීම සඳහා ඔබට අඩුම වශයෙන් රුපියල් ලක්ෂයක් හෝ සමහර අවස්ථාවක ලක්ෂ හතරක් පමණ මිළක් වියදම් කිරීමට සිදු වෙනු ඇත. සමහර වාහනවල, කන්වර්ටර් එකකට වඩා ඇති අවස්ථා ඇත. කන්වර්ටරය නොමැතිව වාහනය පැදවීමේදී, එම වාහනයේ සාමාන්‍ය ශබ්දය ඉතා වෙනස් වෙන අතර, සමහර රටවල නම් කැටලිටික් කන්වර්ටරය නොමැතිව වාහන පැදවීම තහනම් වේ. කෙසේ හෝ මේ හොරකමෙන් බේරීමට ඔබට කළ හැකි දේවල් ඇත.
1. වාහනයේ මේ උපාංගය ඇති ස්ථානය යට ලෙහෙසියෙන් ගැලවිය නොහැකි යකඩ දැලක් සම්බන්ද කිරීම.
2. වාහනයේ කුඩා හෝ චලනයක් දැන ගත හැකි ආකාරයට ක්‍රියාත්මක වන සෙන්සර් ක්‍රමයක් භාවිතා කිරීම.
3. වාහනය වැඩි කාලයක් පාර්ක් කර තබන්නේ නම්, වසා ඇති ස්ථානයක එය තැබීම.
සමහර අවස්ථාවල් වල මෝඩම මෝඩ හොරෙක්, කැටලිටික් කන්වර්ටරය යයි සිතා ඔක්සිජන් සෙන්සරය ඇති දුම් බට කොටස කැපු බව වාර්ථාගත වී ඇත. එවිට ඔබට වන පාඩුව වඩාත් වැඩිවිය හැක. එසේ හෙයින් මේ සම්බන්දව සිතා බැලීම වැදගත්ය.
විශාල ඝෝෂාවක් ඔබේ වාහනයෙන් එන්නේ නම්, එය කැටලිටික් කන්වර්ටර් හොරෙක් ඔබගේ වාහනයේ කන්වර්ටරය හොරකම් කල බවට ලකුණක් විය හැක. එසේ හෙයින් මුලික වශයෙන්, වාහනය ප්‍රවේසම් තැනක තැබීම වැදගත් වේ..











No comments:

Post a Comment