ටොයෝටා mirai
මේ තමයි ටොයෝටා සමාගමේ නවතම නිපැයුම. මෙය නම් කර
තිබෙන්නේ Mirai ලෙසින්. මේ කාර් එක නවතා තිබෙන තැන බැලූවිටම ඔබට වැටහේවි මෙය සාමාන්‍ය කාරයක් නොවන බව. මෙය fuel cell කාරයක්. වෙනත් විදියට කිව්වොත්, හයිඩ්‍රජන් වලින් ධාවනය වන වාහනයක්. හයිඩ්‍රජන් ටැංකිය වරක් පිරවූ විට සැතපුම් 300ක (කිලෝමීටර් 480ක් පමණ) පමණ දුරක් මෙයට ධාවනය කල හැකි අතර ටැංකිය නැවත පිරවීමට යන්නේ මිනිත්තු 5ක් වැනි කෙටි කාලයක්. ලබන වසරේදී තමයි මෙය වෙළඳපොළට නිකුත් කරන්නේ. හැබැයි අපිට නම් මෙය ධාවනය කරන්න ලැබෙන එකක් නැහැ මිලදී ගත්තත්. ඒ අපිට හයිඩ්‍රජන් ඉන්ධන පිරවුම් හල් නැති නිසා. හයිඩ්‍රජන් යටිතල පහසුකම් හොඳින්ම තිබෙන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ. මිට අමතරව දැන් එංගලන්ත ජපානය වැනි රටවල් හයිඩ්‍රජන් පිරවුම්හල් ස්ථාපනය කරමින් යනවා.බොහෝ දෙනෙකුට හයිඩ්‍රජන් වාහනයක් පෙනෙන්නේ හරියට හයිඩ්‍රජන් බෝම්බයක් වගෙයි. මෙය මෙලෙස බිය විය යුතු දෙයක් නොවුනත්, මේ තාක්‍ෂණය පෙරට ගෙන එන්න නම් මෙම භීතිකාව තුරන් කරන්න සිදුවෙනවා. සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් වාහනයක ඉන්ධන ටැංකිය 700bar වැනි පීඩනයක් තමයි තියෙන්නේ. නමුත් එය ඉතාම ආරක්‍ෂිත විදියට තමයි හදල තියෙන්නේ. හයිඩ්‍රජන් ටැංකිය පිපිරුවේ නැති වුනත් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනතුරකදී හයිඩ්‍රජන් ගෙන යන බට වලට හානි වී හයිඩ්‍රජන් කාන්දුවක් ඇති වෙන්න පුළුවන් කියල. නමුත්, මේ වාහනය හදල තියෙන්නේ ඒ අනතුරත් වලක්වන විදියට. යම්කිසි අනතුරක් සිදුවුනොත් මෙහි ඇති පාලන පද්ධතිය මගින් හයිඩ්‍රජන් සැපයුම නවතා දමනවා.මෙය ඉතාම පරිසර හිතකාමී වාහනයක්. පිටාර නලයෙන් පිට වෙන්නේ සුපිරිසිදු ජලය පමණයි.



No comments:
Post a Comment