කවදාවත් බාසලාට ඕනැ විදියට තමන්ගෙ වාහන නටවන්න එපා..හොඳ දක්ෂ, නිසි පුහුණුවක්, වගකීමක් ඇතුව ඔයාලගෙ වැඩේ කරල දෙන අය බොහොම අතලොස්සයි ඉන්නෙ...ඒ අය හඳුනගන්න...ඔය දක්ෂයි කියන ඒ වගේ හොඳ අය වුනත් ඔයා වැඩේ කරගන්න යනකොට ඉන්න මානසික තත්ත්වය, ඒ වන විට දවසේ වැඩ කරල තියන ප්‍රමාණය මත මහන්සිය ආදී සාධක මත අපිට කරල දෙන වැඩේ වුනත් උඩින් පල්ලෙන් එහෙන් මෙහෙන් අමට්ටලා කරල දෙන්න වැඩි ඉඩක් තියනවා..
වාහන පාවිච්චි කරන අයට සුළුවෙන් හෝ තමන්ගේ වාහනේ අදාල කොටසේ ක්‍රියාකාරීත්වය,ගැටළුවේ ස්වභාවය ගැන යම් අවබෝධයක් තිබිය යුතුයි..දන්නෙ නැත්නම් අදාල වාහන මොඩල් එකේ සර්විස් පොතක් වත් කියවල නැතිනම් අන්තර්ජාල සෙවීමක්වත් කරල යන්න..
මොන සංකීර්ණ ගැටළුවක් තිබුණත් බාසලා වැඩ කරන්නේ උන්ගෙ රටාවටයි..වාහනේ ලස්සනට, නියමිත ප්‍රමිතියෙන් පවත්වාගෙන යෑම ගැන උන්ට කිසිම හැඟීමක් නෑ..එහෙන් සූරලා, මෙහෙන් සූරලා, තලල, සමහරවිට වැලිත් එක්ක කොටස් සවි කරල, අමට්ටල තමයි බොහෝ විට දෙන්නෙ..ඒ නිසා වැඩක් කරද්දි තමනුත් ලඟින් ඉඳගන මිනිහට ස්ට්‍රෙස් නොවෙන්න ටූල් එකක් එහෙම ලඟට දීලා, කතා කරල, ප්ලේන්ටියක් එහෙම දීලා මූ මොකක්ද කරන්නෙ කියල බලාගන ඉන්න..කෑලි ගලවන අනුපිළිවෙල බලන්න..ඒ වගේ දේක පොටෝ ගහගන්න එකත් හොඳයි..මොකද බාසා උගෙ විදියට කොටස් ස්වි කරන්න පුළුවන් ආපහු..සමහරවිට කොටස් මග හැරෙන්නත් ඉඩ..බාසා උගෙ ගාන ගන්න අතර මිනිහට කිසිම අවුලක් නෑ ඔයා යන අතරෙ මොනව වුනත්..අමට්ටල දුන්නමත් ආපහු අරන් එනව කියල දන්නවා..එතකොට ඌට තව වතාවක් ගාන කඩාගන්න පුළුවන්..නිතරම වාහනේ දෙන තැන එකා ගැන හොයල බලන්න..සමහර උන් කුණුවෙන්න බීල වැඩ කරන්නෙ..
ලොකු වැඩක් ( උදා : පේන්ට් එකක් ) බාර දෙද්දි අනිවාර්යයෙන් ලියුමක් හදල වගකීමෙන් යුතුව කරල දෙන බවට අත්සන් ගන්න..සමහරු ඔව්වට බයයි..උන්ට එහෙම කරන්න බැරි නම් වෙන මිනිස්සු නැතුව නෙමෙයිනෙ..ලොකු මුදලක් වියදම් කරන්නෙ ප්‍රමිතියට වැඩක් කරවගන්නයි..ආයෙ ආයෙ උන් පස්සෙ දුවන්න බෑනෙ..කොටස් විදියට මුදල් දෙද්දිත් අත්සන් කරවගන දෙන්න..ඌ ලඟ වාහනේ තියෙද්දි නිතරම බලන්න වාහනේ හොඳින් තියනවද, අදාල තැන වටපිටාව ආරක්ෂිතද කියල..කුඩ්ඩො එහෙම ඉන්න පැතිවල වාහන ගිහින් දාන්න එපා.
බාසලා හොඳ කයිවාරු කාරයෝ..ඔයාලගෙ ඔළුවෙ මමයි වැඩ්ඩ කියන ඉම්ප්‍රෙෂන් එක ඇති කිරීම උන්ගෙ වෘත්තීයමය අංගයක් සහ කපටිකමක්..අතීතය හොයල බැලුවොත්, වැඩ කරගත්තු මිනිස්සුන්ගෙන් අහල බැලුවොත් සමහරු හොඳ කියයි සමහරු නරක කියයි..ඒ එක එක්කෙනාට වැඩ කරල දීල තියන විදිය, වැඩේ සංකීර්ණත්වයේ ප්‍රමාණය ආදිය මත..නිතරම අහන්න මොකක්ද කලේ, කොහොමද කොච්චර කාලයක් ගැටළුවක් නැතුව දිව්වද කියල..බේබදුකම වගේ කාරණා, හොර බොරු, වගකීමක් ගන්නවද ආදී කරුණු අහන්න..ආවට ගියාට ඔහේ වාහන ගෙනිහින් දාන්න නම් එපා.
ඔයා කොච්චර සංකීර්ණ වැඩක් ගෙනිහින් කරන්න ඇහුවත් උන් කවදාවත් පස්ස ගහන්නෙ නෑ..ඒක දකින්නෙ හොඳ ඉල්ලමක් විදියට..වැඩේ සංකීර්ණ වෙන තරමට ඌට ගාන කඩන්න පුළුවන්..ඉක්මණින් කරන්න පුලුවන් වැඩේ මාස ගණන්, සමහර විට අවුරුදු ගණන් ඇදලා ටික ටික ගාන කඩන එකත් උන්ගෙ ක්‍රමයක්..එතනදි මුදල් වියදම් වීම අයිතිකාරයට එච්චර දැනෙන්නෙත් නෑ..සමහර වෙලාවට උන් වැඩේ ඉගෙනගන්නෙත් අපේ වාහනෙන්..එවෙලෙට නොදන්නකම පෙන්නන්නෙත් නෑ..කොටස්වලට උන් අතින් හානි වුනත් අයිතිකාරයට ඒක කියන්නෙ නෑ..මෙන්න මේක දාන්න වෙලා කියල දිවීම හින්දා ඒ කොටස ගෙවිල වගේ දෙයක් කියනවා..ඒ ව්ගේම ඒ කොටස හොයාගන්න කොච්චර අපහසු වුනත්, ඉහල මිලක් වුනත් උන් හරියට කියන්නෙ ඒක තුට්ටුවෙ දෙකේ කොටසක්, පහසුවෙන් හොයාගන්න පුළුවන් එකක් විදියටයි..ඒකෙන් අයිතිකාරයගෙ හිත හැදෙනවා...ඔය වගේ බොහොමයක් කොටස් ගන්න ගියාමයි අර මොකක්ද ඉරෙන්නෙ..පංචිකාවට්ට පීරලා, ඊබේ පීරලා පවා සමහර කොටස් හොයන්න බෑ..ඒත් ඒ වෙද්දි ඉතින් අපේ හිත ඒකට හුරු වෙලා ඉවරයි..බාසා වගකීම අරගන ඒකට ගෙවන්නෙත් නෑ..අන්තිමට පාස්සන්න, පුරවන්න, ලියවන්න තමයි වෙන්නෙ..
වැඩක් බාගෙට අමට්ටලා, නිකන් උඩින් වහලා මාසයක් හමාරක් දුවන්න හදල දෙන එකත් උන්ගෙ ක්‍රමයක්..ඒ ක්‍රමය උන්ට ඉල්ලමක්..අපිට ශාපයක්..මම දන්න එකෙක් වහලෙ දිරුමක් හදන්න ගෙනාව ෆාගෝ එකක දිරුම කැටලෝයි දාල වහල දුන්නා..අයිතිකාරය ලඟ නෑ..ඌ වාහනේ දාල මගුලෙ ගිහින්..ඇවිත් හරි ආසාවෙන් අතගාල බලල ආනේ හොඳට කරලනෙ කියල වාහනේ අරන් ගියා..බාසත් මොකුත් කිව්වෙ නෑ..යන්න ඇරල කියනව ආයෙ මාසෙකින් දෙකකින් එයිනෙ කියල..
වාහනයක් දීලා ඇහැ ගහගනම ඉන්න ඕනැ..මගෙ වාහනයක් ටින්කරින් සහ පේන්ට් එකට දුන්නම මූ සල්ලි ගන්නව විතරයි වැඩ නෑ..හැන්දෑවට තව එකෙක් එක්ක බොනව. දිනපතාම..බැලුව බැලුව හරියන්නෙ නෑ දවසක් බැන්නා..පහුවදා මම ගියාම වාහනෙ ඩෑෂ්බෝඩ් ස්විච් ගොඩක් කඩල..ඇදල කඩල කියල පේනවා..ඒ වගේම බොනට් එක අරින්නත් උත්සාහ කරල කේබල් එක හොඳටම ඇදිලා...කිව්වම ඇවිත් බලල එහෙම දෙයක් නම් වෙන්න බෑ, මෙහෙ එහෙම දේවල් වෙන්නෙ නෑ කියල කිව්ව විතරයි..පාස්සන වැඩ වලදි ඔරිජිනල් පවර් ඇන්ටෙනාව පුච්චලම දාල තිබුණ..සමහර තැනක පිටින් පාස්සද්දි ඇතුලෙ වයර් කනෙක්ටර්ස් පිච්චිලා..වාහනේ ගෙදර ගෙනත් බැටරිය කනෙක්ට් කරන්න කලින් සැකේට ධන, සෘණ අග්‍ර වල අඛණ්ඩතාවය ( continuity) බැළුවම මෙන්න දෙක ශෝට් වෙනවා..ඔය වගේ හරක් වැඩ කරන උන් තමයි ඉන්නෙ..කිසිම වෘත්තීය සුදුසුකමක් නෑ කොහෝ හරි ගැරේජ් එකක අවුරුදු ගණන් වැඩ ඉගෙනගෙන තමන්ගෙ ගැරේජ් එකක් දානවා..මම වාහනේ දීපු තැන එකාට ලොකු අවුලක් තිබුණා..ඒ තමයි මම හැමදාම වාහනේ ලඟින් හෙල්ලෙන්නෙ නැතුව පුලු පුලුවන් දෙයක් මමත් කරපු එක සහ දිරපු තැන් එහෙම පෙන්න පෙන්න පාස්සවගත්ත එක..එහෙම නොකල නම් ඌ බොහොමයක් තැන් එහෙම්මම වහල දානව කියල මම දන්නවා..
එන්ජින් එක තැබීම ගැන පෝස්ට් එකක් දැක්ක හින්දයි මම මෙහෙම ලිව්වෙ..බාස්ලා කියන්නෙ පලපුරුද්දක් විතරක් තියන සහ නැති වුනත් තියනව වගේ පෙන්නන කොටසක්. කයිවාරු ගහන කොටසක්..අදාල පාඨමාලා කරල අවශ්‍ය සුදුසුකම්, ගුණ ධර්ම සහිතයි කියල හිතන්න බෑ.. නොහිතන තරමට තමන්ට හොඳයි..මට වුනත් බොහොම දක්ෂ, කලට වේලාවට වැඩ කරල දෙන, කිව්වොත් කරන අය හමුවෙලා නැත්තෙ නෑ..ඒ අයට අපි ගරු කරන්න ඕනැ..ඒ අය මිනිසුන් අතර ප්‍රචලිත කරන්න ඕනැ..වාහනයක් කියන්නෙ තාක්ෂණික උපකරණයක්..ඒ වටා කරුණු කාරණා රාශියක් තියනවා..එහි නිවැරදි ක්‍රියාකාරීත්වය, විශ්වසනීය බව, ලස්සන, ඉන්ධන පරිභෝජනය, හැසිරවීමට පහසු බව ආදී සාධක හරිම වැදගත්..ඔය මොඩිෆයි කරන මක බාස්ලා වාහනය ඩිසයින් කරල තියන විදිය, කොච්චර බරකට ඩිසයින් කරල තියනවද, දාල තියන චැසිය, ෂොක් ඇබ්සෝර්බර්, බෙයාරින්, වාහනේ එයරො ඩයිනමික්ස් ආදිය ගැන සැළකිල්ලක් අති අය නෙමෙයි..වාහනයකට හිමි සුළඟේ ප්‍රතිරෝධය අවම කරන හැඩය ගැනවත් හැඟීමක් නැති බව සමහරුන් අටවන ෆයිබර් තොරණ් වලින් පේනවා..එන්ජින් තියන්න ගියාමත් එහෙමයි..බලන්නෙ එන්ජින් මවුන්ට් කරන්න ඉඩ තියනවද ආදී කාරණා කීපයක් පමණයි...තියන ගියර් පෙට්ටියේ ගියර් අනුපාත වාහනයට ගැළපෙනවද, එන්ජිමේ එලැවුම් බලය ගැළපෙනවද, ඒකෙ වයිබ්‍රේෂන් චැසියට ඔරොත්තු දෙනවද, දීර්ඝ කාලීනව එන බලපෑම් මොනවද කියන කාරණා හිතන්නෙ නෑ.
ඉලෙක්ට්‍රිකල් වැඩ කරගන්න ගියාමත් ගොඩක් භයානක විදියට, අනතුරු වෙන්න ඉඩ තියන විදියට එහෙන් මෙහෙන් වයර් ගැට ගැසීම් දැක ගන්න පුළුවන්..හදිසි ගිනි ගැනීමක් වුනොත් ජීවිතෙන් වන්දි ගෙවන්නයි වෙන්නෙ..
හොඳම දේ සුලුවෙන් පටන් අරගෙන තමන්ගෙ වාහනේ සම්බන්ධ දේවල් තමන්ම කරන්න බලන එකයි..අද ඕනෑ තරම් මේ වගේ සමූහ, ෆෝරම්, අන්තර්ජාල තොරතුරු, යූටියුබ් වීඩියෝ තියනවා..නැතිනම් හොඳ බාස්ලා අඳුනගන්න..වැඩේ කරන අතරතුර ලඟින්ම ඉඳගන බලන්න මූ මොකද කරන්නෙ කියල..

No comments:
Post a Comment